ඉන්දීය විදේශ ඇමැතිගෙන් ඛලිස්ථාන බෙදුම්වාදීන්ට රතු එළියක්

257

බෙදුම්වාදී ඛලිස්ථානුවරුන් විසින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ඉන්දීය ජාතික ධජය කඩා දැමීම තමා සුළු කොට තකන්නේ නැතැයි ඉන්දීය විදේශ ඇමති ඇස් ජයශංකර් මහතා පැවසීය. විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කළේ භාරතීය ජනතා පක්ෂයේ මහා නගර් ශාඛාව විසින් ධර්වාඩ් හිදී සංවිධානය කළ වැඩසටහනකදීය. මෙය ඊනියා ඛලිස්ථාන්වරුන්ට පමණක් නොව බ්‍රිතාන්‍යයටද පණිවුඩයක් යැයි විදේශ ඇමති වරයා සදහන් කළේය. ඉන්දියාවේ ත්‍රිවර්ණ ජාතික ධජය කඩා දැමීමේ ක්‍රියාවන් කිහිපයක් විදේශයන්හි දී වාර්තා වීමෙන් පසු විදේශ ඇමතිවරයා ඛලිස්ථාන බෙදුම්වාදීන්ට මෙම රතු එළිය නිකුත් කළේය. රටවල් කිහිපයකදී බෙදුම්වාදී ඛලිස්ථානවරුන් ඉන්දීය ජාතික ධජය කඩා දැමීමේ ක්‍රියාවන් වාර්තා විය.ලන්ඩනය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර හිදී මෙම සිදුවීම් වාර්තා වී තිබූ බව ද විදේශ ඇමැතිවරයා පැවසීය.මෙය ඉතා සුළුතරයක් විසින් වීසා ලබා ගැනීමට සහ පෞද්ගලික අවශ්‍යතා සඳහා සිදුකරන බවද ඔහු කියා සිටියේය. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පිටත ඇති ඉන්දීය ජාතික ධජය ඛලිස්ථාන් බෙදුම්වාදී හිතවාදී ආධාර කරුවන් පිරිසක් විසින් බිම දමා තානාපති කාර්යාලයට පවා හානි කර තිබුණි. අපේ මහකොමසාරිස්තුමා මුළින්ම කළේ ඊටත් වඩා විශාල ධජයක් එතැන සවිකිරීමයි. ඒ අනුව අද ඇත්තේ වෙනස් ඉන්දියාවක් සහ වගකිවයුතු සහ ස්ථිර ඉන්දියාවක් බවද විදේශ ඇමැතිවරයා සදහන් කළේය. විදේශයන්හි ඇති තානාපති කාර්යාල වලට ආරක්ෂාව සපයන බවත් එහි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක් බවද ඔහු සඳහන් කළේය. එසේම එම රටවල්හි රජයන් ද තානාපති කාර්යාල වෙත ආරක්ෂාව ලබාදිය යුතු බව ද එය ඔවුන්ගේ වගකීමක් බවද කීවේය. එසේ නොකරන්නේ නම් ඊට ඉන්දියාවද ප්‍රතිචාර දක්වන බව ද විදේශ ඇමැති ජයශංකර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment