රෝහණ දිසානායකගේ හා නාලක බණ්ඩාරගේ නිවාසවලට ප්‍රහාර

603

කලහකාරීන් කණ්ඩායමක් 9 දා රාත්‍රියේදී පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ ඇතුළු දේශපාලනඥයන් කීපදෙනකුගේ නිවාස ඇතුළු දේපළවලට ගල් මුල්වලින් පහරදී අලාභ හානි සිදුකර තිබේ.

රාජ්‍ය ඇමැතිවරයාගේ නිවසට ගල් මුල්වලින් පහරදී අලාභ හානි සිදුකර තිබෙන අතර මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ නිවසට දේපළ සහ වාහන තුනකට කලහකාරීන් විසින් අලාභ හානි සිදු කර තිබේ. ඔහු එම අවස්ථාවේදී නිවස තුළ සිටි බවද පැවසෙයි.

රෝහණ දිසානායකගේ හා නාලක බණ්ඩාරගේ නිවාසවලට ප්‍රහාර

මේ අතර පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට පහරදීමට කිසියම් කණ්ඩායමක් කළ සැලසුම් වළක්වාලීමට පොලිසිය පියවර ගෙන ඇත. ඊයේ (10දා) මාතලේ නගරය පාළු ස්වභාවයක් ගත් අතර මාතලේ නගරයට ඇතුළු වන ඒ 9 මාර්ගයේ බලකඩුව සහ පලාපත්වල සහ වත්තේගම මහනුවර මාර්ගයේ උකුවෙල ප්‍රදේශවලින් මාර්ග බාධක යොදා පොලිසිය සහ යුද හමුදාව වාහන පරීක්‍ෂා කිරීමට පියවර ගෙන තිබිණි.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment