මහානාම කාර් සේල්ස් නව අලෙවි පරිශ්‍රයකට

මහානාම සමූහ ව්‍යාපාරයට අයත් මාලබේ පිහිටි මහානාම කාර් සේල්ස් නව පරිශ්‍රයකට ගෙවදීම ඉකුත්දා අතිපූජ්‍ය මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ සිදුවිය. ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා එක්විය. 2014 වසරේ ඇරඹුණු එම ආයතනය මහානාම සමූහ ව්‍යාපාරයට අයත් 25කට අධික ව්‍යාපාර වලින් එකකි. එහි අධිපති ආචාර්ය සසිඳු මහානාමයි. ඉකුත්දා පැවති ප්‍රිනකල් සම්මාන උළෙලේදී 2023 වසරේ විශිෂ්ටතම කාර් සේල් එක ලෙස එම ආයතනය සම්මානය ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment