ණය ගෙවන්නේ නැතිකොට රුපියල ශක්තිමත් වෙනවා තමයි – පුබුදු ජයගොඩ

144

රුපියල ශක්තිමත් වී ඇති බවට ප්‍රකාශ කිරීම පම්පෝරි ගැසීමක් බවත් විදෙස් ණය ගෙවීම නතර කළ විට කොහොමත් රුපියල ශක්තිමත් වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (3 දා) පැවසීය.

ලබාගත් ණය නොගෙවන්නේ නම් ගෙදරක වුණත් ආර්ථිකය ශක්තිමත් වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

ජයගොඩ මහතා ඒ බව පැවසුවේ ‘ඡන්ද නෑලු උන්ට බෑලු‘ යන තේමාවෙන් කළුතර රෝලන්ඩ් උත්සව ශාලාවේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදීය.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ කීවේය.

ගිය සතියේ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පවා මුදල් නැති බව පැවසූ ආණ්ඩුව එක් වරම රුපියල ස්ථාවර වූ බවට නගන ඝෝෂාව විහිළුවක්.

ගිය අවුරුද්දේ අප්‍රේල් සිට ණය වාරික ගෙවන්නේ නෑ. ණය වාරික නොගෙවනවා නම් විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල්, ගෙවන්නේ නැතිනම් අපේ ගෙදර ආර්ථිකය වුණත් ස්ථාවර වෙනවා. ණය වාරිකවලින් රුපියලට එන පීඩනය අඩු වුණාම රුපියල ශක්තිමත් වෙනවා තමයි. අනෙක් එක රුපියල ඩොලරයට සාපේක්ෂව තද කරලා අල්ලගෙන ඉඳලා එක පාරටම අත ඇරියාම ගොඩක් උඩට යනවා. ආපහු පහළ අගයක ස්ථාවර වෙනවා. මේ වෙන්නේ ඒක.

රුපියල කෘත්‍රිම අගයක තියා ගත්තේ උන්ඩියල් හවාලා වගේ ජාවාරම්වලට ඉඩ හදා ගන්න. ඒ වන්දිය දැන් මුළු රටක්ම ගෙවනවා. ඒ වගේම ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවෙලා පරිභෝජන මට්ටම් අඩු වෙද්දී රුපියලේ අගය වැඩි වෙනවා. දැන් ඉන්ධන පරිභෝජනය 40%කින් අඩුවුණා. විදුලිය පරිභෝජනය 8%කින් අඩු වුණා. එතකොට නිෂ්පාදනයත් පරිභෝජනයත් අඩුවෙලා රුපියල මත පීඩනය අඩු වෙනවා. ඒකෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ටිකක් වැඩි වුණාම ඒක ආර්ථික වර්ධනයක් නෙවෙයි. ආර්ථික බිඳවැටීමේ ප්‍රකාශනයක්.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment