ගල් ක‍්‍රෂරයක කිලෝ 3000ක යකඩ චේන් මෝලක් ඇඟට වැටී කාර්මික ශිල්පියා මරු දකී

335

මත්තල කැටන්වල ප‍්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ගල් ක‍්‍රෂර් ආයතනයක සේවය කළ පුද්ගලයකුගේ ඇඟ මතට කිලෝ ග‍්‍රෑම් 3000 කට අධික බර යකඩ චේන් මෝලක් වැටීමෙන් ඔහු බරපතළ තුවාල ලබා ඊයේ (28 දින) දහවල් හම්බන්තොට දිස්ත‍්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ඇල්පිටිය පන්ගන්විල පැරකුම් මාවත අංක 406/ ඒ යන ස්ථානයෙහි පදිංචිකරුවකු වන ඞී. වී. කුමාර පේ‍්‍රමලාල් නමැති අයෙකි.

මෙම ආයතනයට අලූතින් රැුගෙන එන ලද ගල් ක‍්‍රෂර් යන්ත‍්‍රයක් සවි කිරීමේදී එහි කාර්මික ශිල්පියා ලෙස කටයුතු කළ මෙම පුද්ගලයාගේ ඇඟ මතට එම ගල් ක‍්‍රෂරයේ ඇති ඉන්ජක්ටර් චේන් එකේ පින් කොටසින් සවිකර තිබු කිලෝ ග‍්‍රෑම් 3000 කට අධික බරුති යකඩ චේන් මෝල මෙසේ ඔහුගේ ඇඟ මතට කඩා වැටී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් මත්තල පොලිස් ස්ථානයේ නිලධාරින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment