කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික් එකතු කරමින් සංචාරක කලාපයක් නිර්මාණය කරනවා – විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය

96

කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්කය ඒකාබද්ධ කරමින් සංචාරක කලාපයක් නිර්මාණය කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ පසුගියදා (27) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

පෞරාණික ස්ථාන, දියඇලි හා වෙනත් පාරිසරික අතින් වැදගත් ස්ථාන ආවරණය වන පරිදි මෙම සැලැසුම් සකස් කිරීමට නියමිත අතර එම ප්‍රදේශවල යටිතල පහසුකම් ඉදිරියේ දී දියුණු කිරීමට කටයුතු කරන බව ද රාජ්‍යය අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්කවල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු, බුලත්කොහුපිටිය, අරණායක, ගඟ ඉහළ කෝරළය හා පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම්වරු, වසම්වල නිලධාරීහු ද සහභාගි වී සිටියහ.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment