හරිනි ගොනු කළ පෙත්සම මාර්තු 1දා කැඳවයි

78

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූවා යැයි

පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නිගමනය කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් හතරක් ලබන මාර්තු 5 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06දා) නියෝග කළේය. එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. පෙත්සම්කාර ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා එහිදී අධිකරණය හමුවේදී කරුණු දැක්වීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment