නතරවෙච්ච තෙල් ටැංකි හදන්නත් කෝටි 150 ක් ගෙවලා – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

68

කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තයේ දැනට තිබෙන තෙල් ටැංකිවලට අමතරව අලුතින් ටැංකි කිහිපයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නතරව තිබියදී ඒවා ඉදිරිකිරීමට යැයි කියමින් සමාගම් දෙකකට රුපියල් කෝටි 150 කට අධික මුදල් ප්‍රමාණයක් ගෙවා ඇතැයි කියමින් ලංකා ඛනිජ තෙල් පොදු සේවා සංගමය පෙරේදා (07 දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබේ.

කැබිනට් මණ්ඩල අනුමැතිය මත මෙම නව තෙල් ටැංකි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු සමාගමකට ලබාදී තිබූ බවත්, එම මව් සමාගමට හා තවත් උප සමාගමකට මෙයාකාරයෙන් මුදල් ගෙවා ඇත්තේ අදාළ ඉදිකිරීම් නතරව තිබියදී බවත් එම සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැමිණිල්ලෙන් කියා තිබේ.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ආයතනයේ ප්‍රධානීන්ට ද පැමිණිලි කළත් එම ගනුදෙනුව සම්බන්ධයෙන් පියවර නොගැනීම නිසා අල්ලස් හෝ දූෂණ කොමිසමට එම පැමිණිල්ල කළ බව ද ඒ මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී කියා සිටියේය.

තෙල් තොග ගබඩා පර්යන්තයට අයත් මුදල් මෙලෙස අදාළ සමාගම් දෙකට ගෙවා තිබුණත් ඉදිකිරීම් සිදුව නැතැයි ද ඒ මහතා කියා සිටී.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment