ජනපති දිගින් දිගටම ව්‍යවස්ථාදායක සභා නිර්දේශ කුණු කූඩයට දානවා

103

සාමාන්‍ය ක්‍රමවේදයන් අනුගමනය නොකර අණ පනත් සැකසීමෙන් නීතියේ ගුණාත්මකභාවය අඩු වී ඇති බව නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (08 දා) පැවසීය.

පොලිස්පතිවරයාගේ සේවා කාලය දිගු කිරීමේදී අවසාන සේවා දිගු අවස්ථා දෙක ව්‍යවස්ථා සභාව මගින් ප්‍රතික්ෂේප කර ඇති බවත්, ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ කුණු කූඩයට දමා නැවත වාරයක් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදී ඇති බවත් ඒ මහතා නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (08 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

නුවරඑළිය තැපැල් කාර්යාලය වැනි පෞරාණික සම්පත් විකුණා දැමීමට එරෙහි වන බවත් ඒ මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment