විදුලි සේවක උද්ඝෝෂණයට ඉංජිනේරුවොත් එක්වෙති

243

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට ගෙන එන පනතට එරෙහිව ආරම්භ කර තිබෙන සේවක උද්ඝෝෂණයේ දෙවැනි දින වූ ඊයේ (4 දා) විදුලි ඉංජිනේරු සංගමය ද එයට එකතුවී තිබේ.

විදුලිබල මණ්ඩලයේ පරිපාලන ව්‍යුහයේ සියලුම ප්‍රධාන තනතුරුවලට හිමිකම් කියන විදුලි ඉංජිනේරු සංගමය ද මෙම සටනට එකතුවීම අගේ කරන බව සෙසු වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.

කොළඹ, කොටුව ලංවීම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පවත්වන මෙම උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩුව දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබියදී විදුලි ඉංජිනේරුවන්ද ඊට සහායදීම සටන තීව්‍රවීමට හේතුවක් බව ද ඔව්හු කියා සිටියහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment