බීජින් මැරතන් තරගාවලිය කොරෝනා නිසා කල් දමයි

81

කොරෝනා වෛරසයේ ශීඝ‍්‍ර පැතිරීම හේතුවෙන් චීනයේ අගනුවර වන බීජින් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ මැරතන් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට චීන බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මෙම මස 31 වැනිදා තරගකරුවන් 30,000 කගේ සහභාගිත්වයෙන් බීජින් මැරතන් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණු අතර දැනට නගරයේ පැතිර යන කොරෝනා වෛරසය තවත් ශීඝ‍්‍රයෙන් පැතිර යනු ඇති බවට චීන සෞඛ්‍ය බලධාරීන් විසින් අනතුරු ඇඟවීමත් සමගම මෙම තරගාවලිය කල් දැමීමට පියවර ගෙන තිබේ.

චීනයේ පැවැත්වෙන ක‍්‍රීඩා උත්සව අතුරින් විශාලතම ක‍්‍රීඩා උත්සවයක් ලෙස සැලකෙන බීජින් තරගාවලිය 1981 වසරේ සිට වාර්ෂිකව පැවැත්වේ. පැතිර යන ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය හේතුවෙන් චීනයේ පළාත් 11 කින් මේ වන විට කොරෝනා ආසාදිතයන් 133 දෙනකු පමණ වාර්තා වී අතර මෙය ඉකුත් අගෝස්තු මාසයේ චීනයේ නැන්ජින් නගරයෙන් මතු වූ කොරෝනා ආසාදිත පොකුරෙන් පසු පසු එරටින් මතු වූ විශාලතම කොරෝනා ආසාදිත පොකුර සේ සැලකේ.

advertistmentadvertistment
advertistmentadvertistment