රුහුණු – මායා පළමු සටනෙන් හේනේගමට ඉනිමක ජයක්

114

හේනේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසල හා හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසල අතර පැවැති පළමු “රුහුණු – මායා සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 43 ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට හේනේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසල සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් හේනේගම මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසල ඕවර් 76 කදී කඩුලු 09 ක් දැවී ලකුණු 301 ක් රැස් කර ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා ජාතික පාසලට ලබා දුන්හ.

එහිදී සුමංගල මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසලට පළමු ඉනිම සඳහා ඕවර් 57 කදී සියල්ලන් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 161 ක් පමණක් වූ අතර ඉනිමක පරාජයෙන් බේරීම සඳහා නැවත ආරම්භ කළ ඔවුන්ගේ දෙවෙනි ඉනිම ද ඕවර් 36 කදී සියල්ලන් දැවී ලකුණු 97 කට සීමා විය.

හේනේගම කණ්ඩායම පළමු ඉනිම කඩුලු 09 කට ලකුණු 301 යි ( ඕවර් 76 )

පසිදු තීක්ෂණ ලකුණු 97 යි, ශානුක නිපුන් ලකුණු 58 යි, රසාංග තේජාන් ලකුණු 47 කට කඩුලු 03 යි, පුවීන් රොද්‍රිගෝ ලකුණු 30 කට කඩුලු 02 යි , රන්සර දේශාන් ලකුණු 55 ට කඩුලු 02 යි.

හික්කඩුව කණ්ඩායම පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 161 යි ( ඕවර් 57 යි )

දෙනෙත් සුපුන් ලකුණු 29 යි, කුසල් ජයසංක ලකුණු 35 කට කඩුලු 05 යි, කවිදු ඉෂාර ලකුණු 41 කට කඩුලු 02 යි.

හික්කඩුව කණ්ඩායම දෙවන ඉනිම සියල්ලන් දැවී ලකුණු 97 යි. ( ඕවර් 36 යි

දෙනෙත් සුපුන් ලකුණු 47 යි, මිතිල විශ්වජිත් ලකුණු 43 කට කඩුලු 04 යි, කුසල් ජයසංක ලකුණු 35 කට කඩුලු 03 යි.

හේනේගම විදුහල්පති විජය සත්‍යජත් කුලරත්න හා හික්කඩුව විදුහල්පති ආර්. කේ. ඩී. සී. කුමාර යන මහත්වරුන් විසින් ජයග්‍රාහී හේනේගම කණ්ඩායමට අභියෝග ශුරතා කුසලානය පිරිනැමූහ.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම -සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment