ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

153

ඉරානයේ සිට ඊශ්‍රායලයට එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර සියයට අනූවක් විනාශ කට බව ඊශ්‍රායලය පවසයි.ඉරානය විසින් ඊයේ සහ අද අලුයම මිසයිල ප්‍රහාර සියයට ආසන්න සංඛ්‍යාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මෙම මිසයිල ප්‍රහාර බිමහෙළීම සඳහා බ්‍රිතාන්‍ය ප්‍රහාරක ජෙට් යානා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් ජෙට් යානා මෙලෙස යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.අදාළ ගුවන් කලාපය තුළ ආරක්ෂාව සඳහා එම ජෙට් යානා යොදවා ඇති බව බ්‍රිතාන්‍ය රජකීය හමුදාව නිවේදනය කර තිබේ.බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ඉරානය විසින් සිදුකළ ප්‍රහාර හෙළාදැක ඇති අතර ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ඉදිරියටත් පෙනී සිටින බව සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment