දකුණේ ප්‍රදේශ තුනකට දැඩි ආරක්ෂාව

12425

අම්බලන්ගොඩ, අහුන්ගල්ල සහ මීටියාගොඩ යන පොලිස් බලප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, නාවික හමුදාව සහ යුද හමුදාව ඒ සඳහා යොදවා තිබේ.

පසුගිය දිනවල සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ක්‍රියා හේතුවෙන් මෙම ආරක්ෂක පියවර ගෙන ඇත.

බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකදී ඌරගස්මන්හංදිය බෝගහවෙල ප්‍රදේශයේ පාළු නිවසක තිබී යුද්ධ හමුදා නිල ඇදුම් කට්ටල කිහිපයක් සොයාගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත.

මෙම නිවසේ තාවකාලිකව රැඳි සිටි පුද්ගලයා යුද හමුදාවෙන් පැන ගොස් සිටි සෙබළෙකු බවට තොරතුරු වාර්තාවේ.

සැකකරු සොයා පරීක්ෂණ පවත්වන අතර අදාළ යුද හමුදා නිලඇදුම් කට්ටල ඌරගස්මංහන්දිය පොලීසිය වෙත භාරදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment