තමන්ගේ සම්බාහන මධ්‍යස්ථානයේ තරුණියට අතවර කළ ‘සර්ට’ අත්හිටවූ සිරදඬුවම්

1661

තමන් විසින් පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කළ තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ ව්‍යාපාරිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා වසර දහයකට අත්හිටවූ බරපතළ වැඩ සහිතව වසර දෙකක සිරදඬුවම් නියම කළේය.

අගතියට පත් තරුණියට රුපියල් ලක්‍ෂ තුනක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා රුපියල් 15,000 ක දඩයක්ද විත්තිකරුට නියම කළේය.

මේ වන විට විවාහක දිවියක් ගත කරන සිය සේවාදායකයා ඔහු අතින් තරුණ වියේදී සිදුවූ වරදට පසුතැවෙන බවත් එකී චෝදනා පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට සූදානම් බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක මහතා අධිකරණයට පැවසීය. අගතියටපත් තරුණියට සුදුසු වන්දියක් ගෙවීමටද විත්තිකරු සූදානම් බව පවසමින් විත්තියේ නීතිඥ අසිත විපුලනායක මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ නීතිපතිවරයා විත්තිකරුට මුල් අවස්ථාවේදී ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රයේ සඳහන් වූ චෝදනා සංශෝධනය කර අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. ඇල්විටිගලගේ දොන් නුවන් චාමර හෙවත් ‘සර්’ නමැත්තෙකුට එලෙස දඬුවම් නියම කෙරිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment