කෝඩුකාර නාට්‍ය උළෙල ඇරඹේ

104

2023 වර්ෂය කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයට සුවිශේෂි වසරකි. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලා විෂය හඳුන්වා දී වසර විසිපහක් සැපිරීමයි- ඊට සමගාමීව වාර්ෂිකව පවත්වන “කෝඩුකාර නාට්‍ය උලෙළ – 2023” නාට්‍ය ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්

රැසක් මේ මස 09 වැනිදා ආරම්භ වූ අතර 26 දක්වා ක්‍රියාත්මක වෙයි. මේ නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයේ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා සමඟ කළ සාකච්ඡාවකි.

කෝඩුකාර නාට්‍ය උළෙල ඇරඹේ

● කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ ආරම්භය කෙබඳුද?

ශ්‍රී ලංකාවේ ලලිත කලාව සම්බන්ධයෙන් පැරණිම අධ්‍යයන අංශය වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශය- එය පළමුවෙන්ම ආරම්භ වන්නේ මහාචාර්ය ඇෂ්ලි හල්පේ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් –

● කැලණියේ නාට්‍ය කියන්නේ වෙනම අනන්‍යතාවක්?

ඒ කාලයේ ලලිත කලා විෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ තිබුණ එකම කලා උපාධිය වුණේ ලලිත කලා උපාධිය පමණයි- ඊට පස්සේ 1997 දී සංස්කෘතික අමාත්‍යාංශයේ ආරියවංශ රණවීර, මහාචාර්ය සේනක බණ්ඩාරනායක උපකුලපතිතුමා හා මහාචාර්ය මංගලිකා ජයතුංග යන අයගේ දායකත්වයෙන් 1998 දී නාට්‍ය හා රංගකාලාව ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය ආරම්භ වෙනවා- ඒ අනුව 1998 සිට අද දක්වා වසර විසි පහක් සනිටුහන් වෙනවා- විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන විභාග ඇගයීම්වල ප්‍රතිඵලයක් ලෙස මුලින්ම (2001) “අසනි වළාහක” නාට්‍ය එළිදැක්වීම සිදුවෙනවා- එවගේම ස්වතන්ත්‍ර නිර්මාණ, බටහිර නාට්‍යවල අභාෂය ගත් නාට්‍ය නිර්මාණය වෙනවා- ඒ මඟ ගිහින් පළමුවෙන්ම ඇන්ටන් චෙකොෆ්ගේ “සීගල්” (Zea Gull) නාට්‍යගේ ආභාෂයෙන් 2001 දී “මුහුදු ලිහිණියා” නාට්‍යය වේදිකා ගත වුණා- ප්ලෝටස් නාට්‍යකරුගේ “The Pot of Gold” නාට්‍ය ඇසුරින් 2001 දී “රන්මසුරා” නාට්‍ය නිෂ්පාදනය වෙනවා- මෙලෙස එදා මෙදා තුර නාට්‍ය අධ්‍යයන ඒකකයෙන් විවිධ නාට්‍ය කෘති රැසක් නිෂ්පාදනය කෙරුණා- එහිදී ප්‍රියංකර රත්නායකගේ “ඊඩිපස්” නාට්‍යයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්- එය ශ්‍රී ලංකාවේ පාසල්වල පවා ප්‍රදර්ශනය වුණා- මෙය නාට්‍ය අධ්‍යයන අංශයේ පරිවර්තනීය සංධිස්ථානයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්- එදා පේරාදෙණිය වල කේන්ද්‍රයෙන් ඇති වූ නාට්‍ය උද්දීපනය මහාචාර්ය සර්ච්චන්ද්‍රයන්ගේ හා එම්. එච්. ගුණතිලකයන්ගේ ඇවෑමෙන් විසි එක්වැනි සියවසයේ දී අපට නැවත කරන්න පුළුවන් වුණා- ඒ සමඟම ඇකඩමික් ප්ලේයර් ශිෂ්‍ය ආධුනික නාට්‍යකරුවන්ගේ සංගමය ද බිහි වුණා.

● අමානි ඉරේෂිකා රූපසිංහ
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය, කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment