කැළඹුණු කාලගුණය – ගම්පහ පවුල් 4608ක් අවතැන්

124

දිවයින පුරා පැවැති අධික වර්ෂාවෙන් වැඩිපුරම හානියක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුවී ඇතැයි වාර්තාවන අතර පවුල් 4608 ක පුද්ගලයන් 19,685 දෙනෙකු අවතැන් වී ඇතැයි පසුගිය 14 දා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වාර්තාවල සඳහන්වී ඇත.කැලණි ගඟ පිටාර ගැලීම නිසා පහත් බිම් ජලයෙන් යටවීමෙන් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් පන්සිය විසි එකක පුද්ගලයන් 1965 දෙනකු අවතැන්ව ඇති බව ආපදා නිලධාරි ගුණසේන කළුආරච්චි මහතා පවසයි. මේ අතරින් පවුල් 41 ක් සුරක්ෂා මධ්‍යස්ථානවල රඳවා ඇත.

කැළඹුණු කාලගුණය - ගම්පහ පවුල් 4608ක් අවතැන්

ඔවුන්ට ආහාර මෙන්ම සෞඛ්‍ය පහසුකම් ලබාදීමද සිදුවන අතර ගංවතුරෙන් හානිවූ දේපළ පිළිබඳව ද අවධානය යොමුවී ඇති බව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් චතුර මිහිදුම් මහතා පැවසීය.

දැඩිගමුව මහවෙල ප්‍රදේශයේ මාර්ගය ජලයෙන් යටවීම නිසා මාර්ග අංක 698,697 බස් රථ ධාවනය ඇනහිට ඇත. එමෙන්ම අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුමද ජල ගැල්ම නිසා අවහිරව ඇත. නවගමුව මාපිටිගම කුඩා පාලමේ විශාල උණ පඳුරක් රැඳීම නිසා ජලය බැස යෑම අවහිරව ඇත. මේ නිසා පාලමේ සෙලවීමක් වී ඇති බවද ප්‍රදේශවාසීහු පවසති. මේ අතර ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බත්තරමුල්ල ආසිරි උයන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී නිවසට අලාභහානි සිදුව ඇත.

කඩුවෙල – සුගත් ප්‍රේමතිලක කැලණිය –  මංගල මදුරප්පෙරුම
 

advertistmentadvertistment
advertistmentadvertistment