සිය මංගල ගමන අරඹමින් හම්බන්තොට වරායට සම්ප්‍රාප්ත වුණු Cordelia, Advantis සාදරයෙන් පිළිගනී

106

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් හේලීස් සමූහයේ භාණ්ඩ ප්‍රවාහන සහ ක්‍රමෝපාය (ලොජිස්ටික්) අංශය වන Advantis, මෙරටට සම්ප්‍රාප්ත වුණු Cordelia Cruises සමාගමට අයත් Ms Empress නම් සුඛෝපභෝගී සංචාරක මගී ප්‍රවාහන නැව සාදරයෙන් පිළිගත්තේය.

ඉන්දියාවේ ප්‍රමුඛතම නැව් සමාගමක් වන Cordelia Cruises සමඟින් ඇති කරගත් මෙම නව හවුල්කාරිත්වය උපරිම ලෙස භාවිත කරමින් චෙන්නායි සිට සංචාරකයින් 1,600ක් රැගෙන සිය මංගල ජාත්‍යන්තර ගමන ලෙස හම්බන්තොට වරායට සපැමිණි මෙම සුඛෝපභෝගී නැව Advantis කණ්ඩායම උණුසුම් ලෙස පිළිගත්තේය. මෙම නැවෙන් පැමිණෙන මගීන්ට මල් මාලා පළඳවමින් සාම්ප්‍රදායික උඩරට නර්තන ශිල්පීන් සහ බෙර වාදකයින් සමඟින් සම්මිශ්‍ර වූ ශ්‍රී ලාංකික සත්කාරකත්වය අත්විඳීමට මෙහිදී මගින්ට හැකි විය.
Advantis සහ Cordelia Cruises සිය ප්‍රවීණත්වය සහ සම්පත් ඒකාබද්ධ කිරීමත් සමඟින්, ශ්‍රී ලංකාවේ සුවිශේෂත්වය ලෝකයට විවර කිරීමටත් පෙර අත් නොවිඳි ආකාරයේ සුවිශේෂී අත්දැකීම් සොයා යන සුඛෝපභෝගී සංචාරකයින් සඳහා වන ඉහළ පෙළේ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම ඔවුන්ගේ ඉලක්කය වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment