නිමාලි ලෝකඩ දිනයි

302

ඉන්දියාවේ පැවැත්වෙන 60 වැනි අන්තර් ප‍්‍රාන්ත මලල කී‍්‍රඩා තරගාවලියේදී කාන්තා මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ නිමාලි ලියනආරච්චි ඊයේ (27 වැනිදා* සමත් වූවාය. එ් අදාළ ඉසව්වේ තුන් වැනි ස්ථානයට පත් වෙමිනි.
 
 තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේදී මීටර් 800 අවසන් මහා තරගයට පිවිසි නිමාලි එහිදී මිනිත්තු 2.05.69ක දක්ෂතාවයක් සමගින් එහි තෙවැනි ස්ථානයට පත්වූවාය. අදාළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පන්ජාබ් කී‍්‍රඩිකා හර්මිලන් සමත්වූ අතර ඇය වාර්තා කළ කාලය මිනිත්තු 2.02.57කි. අදාළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට දිල්ලි කී‍්‍රඩිකා චන්දා සමත් වූ අතර එහිදී ඇය වාර්තා කළ කාලය මිනිත්තු 2.03.36කි.
 
 මේ අතර ඊයේ මීටර් 200 මුලික තරග වටයට පිවිසි කාලිංග කුමාර එම ඉසව්වේ පළමු ස්ථානයට පත් වෙමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය. එහිදී එම ඉසව්ව තත්පර 21.16ක කාලයක් වාර්තා කරමින් අවසන් කිරීමට කාලිංග කුමාර සමත් විය.
 
 මේ අතර පෙරේදා (26 වැනිදා* පැවැති මීටර් 100 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට අමාෂා ද සිල්වා සමත්වූවාය. අදාළ ඉසව්ව තත්තපර 11.59කින් නිමාවට පත් කිරීමට එහිදී ඇය සමත් වූවාය. එහි රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියානු කී‍්‍රඩිකා ධන ලක්ෂ්මී සමත් වූ අතර එහිදී ඇය වාර්තා කළ කාලය තත්පර 11.52ක් වේ. අදාළ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඉන්දියාවේ අර්චනා සුසී සමත්වූ අතර එහිදී ඇය වාර්තා කළ කාලය තත්පර 11.60කි.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment