සීමාසහිත ලංකා ස්පෙෂල් ස්ටීල්ස් සමාගම, දේශීය හා අපනයන වෙළෙඳපොළට සරිලන නවීනතම ගැල්වනයිස් වානේ කම්බි නිෂ්පාදන කම්හලක් විවෘත කරයි

42

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම GI කම්බි නිෂ්පාදකයා වන ලංකා ස්පෙෂල් ස්ටීල්ස් ලිමිටඩ් (LSSL), වානේ නිෂ්පාදන සමාගමක් ලෙස මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ප්‍රචලිත වූ අතර, එම සමාගම සිය නවතම නිෂ්පාදනාගාරය සපුගස්කන්දේ Lanka Industrial Estate (LINDEL) හිදී විවෘත කෙරිණි.

ජාත්‍යන්තර මට්ටමේ යුරෝපීය යන්ත්‍ර සූත්‍රවලින් සමන්විත මෙම නව කර්මාන්ත ශාලාව ලංකා ස්පෙෂල් ස්ටීල්ස් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සහ ඒ හරහා එම සමාගමේ වෙළෙඳපොළ පුළුල් කර ගැනීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් බව පැවසිය හැකිය.

ශ්‍රී ලංකාවේ GI කම්බි නිෂ්පාදන ක්ෂේත්‍රයේ දශක 3 කට අධික පළපුරුද්දකින් හා ප්‍රවීණත්වයකින් යුත් ලංකා ස්පෙෂල් ස්ටීල්ස් සමාගම මෙරට විශාලතම දේශීය GI කම්බි නිෂ්පාදකයා වන අතර, එම සමාගම මෙම නව කර්මාන්ත ශාලාව වෙනුවෙන් රුපියල් මිලියන 1200 ක් ආයෝජනය කරමින්, සිය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් 15,000 සිට 30,000 දක්වා ඉහළ නැංවීමට අරමුණු කරයි. ලංකා ස්පෙෂල් ස්ටීල්ස් සමාගමට දේශීය වෙළෙඳපොළ තුළ වර්ධනය වන ඉල්ලු‍ම සපුරාලීමට මෙන්ම, අපනයන වෙළෙඳපොළ තුළ ප්‍රමුඛතම සමාගමක් ලෙස ස්ථානගත වීමටද මෙම සුවිශේෂී ඉලක්කය හරහා ඉඩ සැලසෙන බව පැවසිය යුතු ම කරුණකි.

advertistmentadvertistment
advertistmentadvertistment