60 වසරක් පුරා රටක් රසගැන්වූ රසය Kandos

328

දිනය 1962 ක් වූ මැයි මස 05 වන දාය. එදින ඓතිහාසික කන්ද උඩරට මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන ලද සුවිශේෂී ව්‍යාපාර කටයුත්තකට පළමු පියවර තැබූ දිනය විය. එදින සුවිශේෂී දිනයක් බවට පත්වන්නේ ශ්‍රී ලංකාව විසින් එතෙක් මෙතෙක් බිහි කරන ලද විශිෂ්ටතම ව්‍යවසායකයා වූ උපාලි විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ලක් පොළොව මත kandos සන්නාමය යටතේ චොක්ලට් නිෂ්පාදනය පිණිස රජයේ ලියාපදිංචිය ලබාගත් දිනය බවට පත්වීම හේතුවෙන්ය. උපාලි විජයවර්ධනයන් යනු කවදත් ආගම දහමට මුල් තැනක් දුන් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයකු වූ බැවින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද අභිනවයෙන් ආරම්භ කරන ලද එම ව්‍යාපාරික කටයුත්ත උපාලි සමූහ ව්‍යාපාරය නමින් පවත්වාගෙන යන සිය ව්‍යාපාරික ජාලය පිණිස ඇතුළත් කිරීමේදී එය නම් කරනු ලබන්නේ kandos යනුවෙන් සඳහන් වෙළෙඳ සන්නාමයෙන්ය. එම නම් තැබීම ද නිර්මාණශීලී කටයුත්තක්ය. න්බාහ යන ප්‍රදේශ නාමයේ මුල් අකුරු තුන ඒ සඳහා පළමුව යොදා ගන්නා අතර එකල කැන්ඩොස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගේ පුද්ගල නාමවල මුල් අකුරු වන DO සහ S අක්ෂර ඒ සඳහා යොදාගනු ලබන්නේ ඔවුනට කරන ගෞරවයක් ලෙසය.

මේ වන විට අනගි උපාලි නිෂ්පාදනයක් ලෙස මෙරට පමණක් නොව ලොවම හඳුනන රසයක් බවට පත්ව ඇති kandos සන්නාමය ලක් පොළොව මත සැබෑවක් බවට පත්වූවේ ඒ ආකාරයෙන්ය. ඊට අමතරව එම සුවිශේෂී නිෂ්පාදන කටයුතු පිණිස කොළඹින් බැහැර මහනුවර ප්‍රදේශයේ තෝරා ගැනීම පිණිස ද සුවිශේෂී හේතුවක් බලපා ඇත. ඒ වන විටත් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම දුර දක්නා නුවණක් සහිත මනසක් හිමි ව්‍යවසායකයකු ලෙසත් ප්‍රසිද්ධියට පත්ව සිටි උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධනයන් තම අභිනව ව්‍යාපාරික කටයුත්ත පිණිස මහනුවර ප්‍රදේශය තෝරාගනු ලබන්නේ චොක්ලට් නිෂ්පාදනය පිණිස සුදුසු දේශගුණික තත්ත්වයක් සහ අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුව එම ප්‍රදේශයේ වඩාත් හොඳින් පැවතීම හේතුවෙන්ය.

60 වසරක් පුරා රටක් රසගැන්වූ රසය Kandos

ඉහත සැකෙවින් විස්තර කරන ලද්දේ මේ වන විට ලොවක් රස ගැන්වීමට සමත් ශ්‍රී ලාංකික රසයක් බවට පත්ව ඇති kandos චොක්ලට් නිෂ්පාදනයේ සමාරම්භය පිළිබඳවය. අනගි උපාලි නිෂ්පාදනයක් වන kandos චොක්ලට් වෙළෙඳ පොළට හඳුන්වා දී මේ වන විට වසර 60ක් සම්පූර්ණ වී ඇත. ඒ අනුව දශක හයක ඉතිහාසයක් ඔස්සේ මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳ සැලකිලිමත්ව බලන කල පෙනී යන කරුණක් බවට පත්වන්නේ මෙරට චොක්ලට් නිෂ්පාදන කර්මාන්තය ගත්කල kandos යනු එහි “නොවෙනස් රසය” අඛණ්ඩව රැකගත් සන්නාමය බවට පත්ව ඇති බවකි.

එහි රහස බවට පත්වන්නේ kandos චොක්ලට් යනු උසස් ප්‍රමිතිය සහ ගුණාත්මක බවින් පොහොසත් නිෂ්පාදනයක් බවට ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයන් තුළ නොබිඳුණු විශ්වාසයක් පැවතීමය. කොකෝවා ඇටයේ රසය, සාරය ඒ අයුරින්ම රසවිඳීමට හැකි එකම චොක්ලට් නිෂ්පාදනය ලෙස ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනාගැනීමට සමත්ව සිටින kandos නිෂ්පාදන මෙරට පමණක් නොව කලක පටන් විදේශයන්හි පවා ඉහළ ජනප්‍රියත්වයක් දිනාගැනීමට සමත්ව ඇත. 60 වසරක නොබිඳුණු විශ්වාසය සහිතව මේ වන විට ද මෙරට චොක්ලට් නිෂ්පාදනයේ පුරෝගාමී මෙහෙවරක් සිදුකරන kandos ආයතනය සිය නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමේදී ඒ සෑම නිෂ්පාදනයකම ප්‍රමිතිය සහ ගුණාත්මක බව පිළිබඳ ඉහළ අවධානයක් යොමු කරන අතර වත්මන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා සිය කළමනාකාරීත්වය දැනුවත් කරමින් අවධාරණය කර සිටින්නේ kandos යනු වෙළෙඳ පොළ තරගකාරීත්වයෙන් එහා ගිය නිෂ්පාදනයක් වන බැවින් එය සෑම විටම මිනිස් පරිභෝජනය සඳහා කරනු ලබන නිෂ්පාදනයක් ලෙස සැලකිය යුතු බවත් එබැවින් kandos නිෂ්පාදනයන්හි රසය සහ ගුණාත්මක බව පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වන ලෙසත්ය. 60 වසරක් පුරා රටට රසදුන් රසයක් ලෙස ප්‍රකට kandos චොක්ලට් නිෂ්පාදන රට පුරා බෙදා හැරීම මේ වන විටත් ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක වෙමින් ඇත. 1500 ක පමණ කාර්ය මණ්ඩලයකින් සමන්විත කැන්ඩොස් ආයතනය සිය නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීම පිණිස 200 ක පමණ පිරිසකගෙන් සමන්විත වෙළෙඳ නියෝජිත ජාලයක් ද ක්‍රියාත්මකය.

60 වසරක් පුරා රටක් රසගැන්වූ රසය Kandos

මෙරට චොකලට් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දශක හයක් පුරා පුරෝගාමී මෙහෙවරක් සිදුකළ කැන්ඩොස් ආයතනය සිය අභිමානවත් 60 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ඉකුත් දිනෙක ගාලු මුවදොර හෝටලයේදී සැමරුම් උත්සවයක් පවත්වන ලදී. එදිනම රටපුරා විසිරී සිටින වෙළෙඳ බළකාය අගයනු වස් වාර්ෂිකව සිදුකරන ත්‍යාග ප්‍රදානෝත්සවය උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment