නිවුන් දරු දෙදෙනා භාරගන්න මව බැහැ කියයි

3233

දින 7ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙක් රුපියල් 50,000කට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ දරුවන්ගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනාව රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත නිදහස් කර තිබේ.මෙම නඩුව අද වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර එහිදී එම නිවුන් දරුවන්ගේ මව පවසා ඇත්තේ තමාට දරුවන් දෙදෙනා භාරගත නොහැකි බවය.ඒ අනුව එම දරුවන් දෙදෙනාව පරිවාස භාරයට පත් කෙරිණි.නඩුව ජනවාරි 12 දා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment