මියගිය මවගේ සත්දින පිංකමට ගිය පුතා මාඔයේ සැඩ පහරේ ගිලී සැගවෙයි

218

තම මවගේ සත්දින දානමය පිංකම ස`දහා යමින් සිටි පුතෙකු මා ඔයේ සැඩ පහරට හසුවී අතුරුදන් වී ඇති බව මීරිගම පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන් වී ඇත්තේ අඹේපුස්ස මොට්ටෑවත්ත ප‍්‍රදේශයේ ලිපිනයේ පදිංචිව සිටි අමරසිංහ ආරච්චිගේ අමරසිංහ 66 නමැති දෙදරු පියෙකි. මීරිගම ප‍්‍රදේශයේ තමන්ගේම රියදුරු පාසලක් පවත්වාගෙන යන මොහු රියදුරු උපදේශකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටින අයෙකි. පසුගිය 16 වන දින මීරිගම ලෝලූ‍වාගොඩ ප‍්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව නිවසේ සිට කොරෝනා වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත් වූ තම මවගේ සත්දින දානමය පිංකම ස`දහා මොහු යත්තල්ගොඩ බෝයවලාන ප‍්‍රදේශයේ සිය මවගේ නිවස වෙත සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇත.

මියගිය මවගේ සත්දින පිංකමට ගිය පුතා මාඔයේ සැඩ පහරේ ගිලී සැගවෙයි

මොහු මෙම මාර්ගයේ නිරන්තරයෙන් ගමන් කරන අයෙකු බවත් ඔහුට මෙම මාර්ගය නුපුරුදු මාර්ගයක් නොවන බවද ප‍්‍රදේශවාසීහු පවසති. මෙදින මීරීගම මදුරුපිටිය ප‍්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මා ඔය හරහා ඇති පාලමට යටින් ඇති සැපයුම් මාර්ගයේ පෙරවරු 11 ට පමණ මොහු ගමන් කරමින් සිට ඇත. පෙරදින තිබූ අධික වර්ෂාව හේතුවෙන් මා ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් තිබිණ. එම අවස්ථාවේදී අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු වූ සේවකයින් දෙදෙනකු විසින් මොහු එන බව දැක සැඩ පහර වැඩි බව කෑ ගසා පැවසුවද ඒ පිළිබ`ද තැකීමක් නොකළ ඔහු සැපයුම් මාර්ගය හරහා ගමන් කර ඇත. ඒ සමගින්ම සිය යතුරුපැදිය නතර වී ඇති බවත් පසුව එය එගොඩට තල්ලූ‍ කිරීමට සැරසෙනවාත් සමගම මොහු සැඩ පහරට හසුව ගසා ගෙන ගොස් ඇති බව මීරිගම පොලිසිය පවසයි. ගම්වාසීන් සමගින් ශ‍්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා යුද හමුදාව එක්ව ඔහු සොයා ගැනීමේ කටයුතු දියත් කළද මෙතෙක් ඔහු සොයා ගැනීමට නොහැකි වූ නමුත් දින දෙකකට පසුව ඔහුගේ යතුරුපැදිය සොයා ගැනීමට හැකි වී ඇත. ඒ මහතා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සහ ශ‍්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතුව සිට විශ‍්‍රාම ගොස් සිටින අයෙකු බවද පැවසේ. මොහු සොයා ගැනීමේ කටයුතු තවදුරටත් ක‍්‍රියාත්මක වුවද ගං පතුලේ කොහේ සැ`ගවුනිද යන්න තවමත් ප‍්‍රහේලිකාවකි.

සුජාතා ජයරත්න

 

advertistmentadvertistment
advertistmentadvertistment