මාව නෙරපූ කුමන්ත්‍රණය අද එළිදක්වන පොතෙන් කියනවා – ගෝඨාභය නිවේදනය කරයි

346

2022 වසරේදී තමන්ට මුහුණ දීමට සිදුවූ අභියෝග පිළිබඳව කරුණු දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රචිත ‘ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” කෘතිය අද (07දා) නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙයි.

“ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවකගේ සහභාගිත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ හා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳව වෘත්තාන්තයයි” යන කෘතියේ අන්තර්ගතය ලෙස සඳහන් වෙයි.

මේ අතර වසර 60ක ඉතිහාසයේ කිසිදාක අත්විඳ නැති අන්දමක අද වනවිට මේ රට තුළ විදේශ මැදිහත්වීම් හා අභ්‍යන්තර දේශපාලනය බාහිර පාර්ශ්වයන් විසින් හැසිරවීම සිදුවන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ. තම කෘතිය ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටද එකසේ වැදගත් වනු ඇති බවද එහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment