මෙවර අයවැයෙන් බදු ඉහළ දමනවා: ප්‍රධාන ඉලක්කය වියදම් කපා හැරීමයි

246

– අගමැති රනිල් වික්‍රමසිංහ

මෙවර අයවැයෙන් බදු ඉහළ දැමීමක් සිදුවන බවත් එසේ වුවත් අයවැයේ ප්‍රධාන ඉලක්කය වියදම් කපා හැරීම බවත් අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.බ්ලූම්බර්ග් වෙබ් අඩව්ය සමග පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේබව කියා සිටියේය

එහිදී අගමැතිවරයා මෙසේද කීවේය.මේ වසර (2022 ) සඳහා ගිය වසරේ (2021 ) නොවැම්බර් මාසයේ ඉදිරිපත් කළ අයවැය වෙනුවට වර්තමාන තත්ත්වයට ගැලපෙන නව අන්තර්කාලීන අයවැයක් ගෙන ඒමට රජය තීරණය කරලා තියෙනවා.සෞඛ්‍ය සේවයේ සහ අධ්‍යාපන හැර වියදම් කපා හැරීම සිදුවෙනවා. එම වියදම් කපා හැරීම තුළින් එම මුදල් අපට සමාජ සුබසාධනය සඳහා යොමු කළ හැකියි. ආර්ථික අර්බුදයෙන් විශාල පිරිසක් පීඩා විඳිනවා. ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවන් මට තේරුම් ගන්න පුළුවන්. ඔවුන්ගේ තරහ මට දැනෙනවා. සමහරක් අයට එක වේලක් සපයා ගන්න බැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවති අවසන් තාක්ෂණික සාකච්ඡා සඳහා මා සහභාගි වුණා. අපේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමු කරන බව මම ප්‍රකාශ කළා. මේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම තුළින් අපගේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති කර ගන්න පුළුවන් වෙනවා. මොකද යම් කිසි දවසක අපි ගත් සියලු ණය පියවිය යුතුයි. අපි ඉපයීම ආරම්භ නොකළොත් අපි තවදුරටත් ණය තුළ සිර වෙනවා. ණය අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා. අපි අපගේ ක්‍රමවේදයන් සහ ආර්ථික වැපිළිවෙළ වෙනස් කළ යුතුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment