ඩීසල් බවුසරයක් පෙරළේ

206

ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් නුවරඑළිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේ දී අනතුරට පත්ව ඇත.

කොළොන්නාවේ සිට නුවරඑළිය දක්වා ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් මෙලෙස ප්‍රපාතයකට පෙරළීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් බවුසරයේ රියදුරු සහ සහයකයා සුළු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඩීසල් ලීටර් 13,000 ක් රැගත් බවුසර් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර එහි ඩීසල් කාන්දුවක්ද සිදුව ඇති බව වාර්ත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment