ඉන්දියාව පැරදුණත් තරගාවලිය කප් ගහයි

760

ප්‍රේක්ෂකයෝ මිලියනය පනිති

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙතෙක් වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගණයන් වෙත පැමිණ තරග නැරඹූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයිසීසී) ඉසව්ව ලෙස ඉතිහාසගත වී ඇත.

ප්‍රේක්ෂකයින් දොළොස් ලක්ෂ පනස්දහස් තුන්සිය හත් දෙනෙක් (1,250,307) එම තරගාවලිය නැරඹීම සඳහා සහභාගි වී ඇති බවට අයිසීසී ඊයේ (21 වැනිදා) නිවේදනය කළේය.

අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවති එම තරගාවලියේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති සමාරම්භක තරගය, ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මෙන්ම, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති අවසන් මහා තරගය ද ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියේය.

ඊට පෙර වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් අයිසීසී තරගාවලියක් නැරඹූ අවස්ථාව ලෙස 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලිය සැලකේ. ඒ සඳහා ප්‍රේක්ෂකයින් 1,016,420ක් පැමිණ සිටි අතර, 2019 වසරේ එංගලන්තයේ සහ වේල්සයේ පැවති තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයෝ 752,000ක් පැමිණ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment