නවගමුව කට්ටඩියාගේ ඝාතනයට අනියම් බිරිඳ ඇතුළු තිදෙනෙක් දැලේ

483

පොලිස් නිලධාරීන් යැයි පවසා හංවැල්ල ඇඹුල්ගම නිවසකට ගොස් එහි සිටි කට්ටඩියකුගේ දෙඅත් පිටුපසට කර දම්වැලකින් ගැටගසා ඉබි යතුරු දමා පැහැරගෙන ගොස් ඝාතනය කර කැලණි ගඟට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ‍්‍රාමික නාවික සෙබළෙකු ඇතුළු තිදනකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.

අත්අඩංගුවට පත්වූවන් අතර පැහැර ගන්නා අවස්ථාවේදී කට්ටඩියා සමග ඇඹුල්ගම නිවසේ සිටි අනියම් බිරිඳ සහ සැකකාර විශ‍්‍රාමික නාවික සෙබළාගේ ඥාති සහෝදරයෙක් වන බව පොලිසිය පවසයි.

සැකකරුවන් පැහැර ගැනීමට යොදාගත් බව කියන යතුරුපැදිය, හිසට පහර දීමට යොදාගත් කුඩා කුලූගෙඩිය මෙන්ම දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ දම්වැල සහ ඉබි යතුරු ද පොලිස් භාරයට ගෙන ඇත.

නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය. ඝාතනයට ලක්වූ හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වූ ගාමිණී හෙට්ටිආරච්චි 54 නැමැත්තා මීට වසරකට පමණ ඉහතදී අනියම් බිරි`ද සමඟ හංවැල්ල ඇඹුල්ගම නිවසට පැමිණ පදිංචිව සිට ඇතැයි පොලිසිය පැවසීය.

එම කාන්තාව ඇඹුල්ගම ප‍්‍රදේශයේ බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන ආයතනයක සේවය සඳහා ගොස් ඇති අතර මීට මාස 6 කට පමණ ඉහතදී එම ආයතනය වෙත හෝමාගම සිට සිමෙන්ති රැුගෙන පැමිණි ලොරියේ රියැදුරු ලෙස සිටි විශ‍්‍රාමික නාවික සෙබළා හා අනියම් ඇසුරක් ගොඩනඟාගෙන තිබුණ බව මූලික විමර්ශනවලදී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඔවුන් දෙදෙනාගේ ඇසුරට ඝාතනයට ලක්වූ කට්ටඩියා දැඩි බාධාවක්ව පවතින බැවින් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සඳහා සැලසුම් කර ඒ සඳහා ඥාති සහෝදරයා ද සහභාගි කරගෙන තිබූ බව පොලිසිය පැවසීය.

ඝාතනය සඳහා යොදා ගැනුණු කුඩා කුලූගෙඩිය සහ දංවැල ප‍්‍රධාන සැකකරු සේවය කරන ලොරි රථයේ තිබී ඇති අතර ඉබි යතුර රනාල ප‍්‍රදේශයේ වෙළෙඳසලකින් මිලදී ගෙන තිබූ බව සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

ඉකුත් 23 වැනිදා රාත‍්‍රියේ දී ආරක්ෂක වැසුම් පැළඳ යතුරුපැදියකින් එම නිවසට පැමිණි සැකකරුවන් දෙදෙනා කට්ටඩියා අමතා ‘‘අපි පොලිසියේ, අපරාධ විමර්ශන අංශයක නිලධාරීන් තමුන්ට විරුද්ධව චෝදනා රැුසක් තියෙනවා. අපි සමඟ එනවා යන්න’’ යැයි පවසා ඔහුගේ දෙඅත් ඉදිරිපසට ගෙන දම්වැල් දමා අනතුරුව ඉබි යතුරු ද දමා හැඳ සිටි සරම පිටින්ම නවතා තිබූ යතුරුපැදිය අසලට රැුගෙන ගොස් එහි නංවාගෙන රැගෙන ගොස් තිබූ බව පොලිසිය පැවසීය.

අනතුරුව කඩුවෙල පාරේ විශාල පොල්වත්තකට යතුරුපැදිය මත තබාගෙනම කට්ටඩියා රැුගෙන ගොස් යතුරුපැදියේ සඟවාගෙන තිබූ කුළුගෙඩියෙන් ඔහුගේ හිසට පහරවල් කිහිපයක් එල්ල කර පොල්වත්ත මායිමේම තිබෙන කැලණි ගඟට සිරුර විසිකර ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පිට වී ගොස් තිබූ බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු වන විශ‍්‍රාමික නාවික සෙබළා රඹුක්කන ප‍්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන අතර අනෙක් සැකකරු හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් බව ද පොලිසිය පැවසීය.

සැකකරුවන් කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ,

නුගේගොඩ දිස්ත‍්‍රික් 1 භාර පොලිස් අධිකාරි කුමාර රූපසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. කේ. ජී. හේවගේ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරී පොලිස් පරීක්ෂක වටවල, පොලිස් කොස්තාපල් (84210) සඳරුවන්, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් වන (1810), කපිල, (61844) අනුර පොලිස් කොස්තාපල්වරුන් වන (69080) ප‍්‍රමිල, (68659) සෙනෙවිරත්න, (65163) හේරත්, (93377) ත‍්‍රිමාන, 96824 නයනප‍්‍රිය, (96915) ඩිල්ශාන් (3715), කුමාර මහත්තුරු පරීක්ෂණ පවත්වයි.

එස්. ඞී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment