දින හයේ රාමේශ්වරම් උපවාසය අසාර්ථකයි – ධීවරයෝ සුපුරුදු පරිදි වැඩ අරඹති

65

යාපනයේ සිටින ඉන්දීය ධීවරයන් නිදහස් කරන්නැයි ඉල්ලා පැවැත්වූ

ශ්‍රී ලංකාවේ අධිකරණ නියෝගවලට එරෙහිව උපවාසයක නිරතව සිටි රාමේශ්වරන් ධීවරයන්ගේ ප්‍රශ්නයට කිසිදු ඉන්දීය බලධාරියකු මැදිහත් නොවීම නිසා ඔවුන් සිය උපවාසය අතහැර දමා යළිත් සුපුරුදු පරිදි ධීවර කටයුතු ආරම්භ කොට තිබේ.

ඊට පෙර මෙම ධීවරයන් දින හයක් පුරා විරෝධතාවක නිරත වූ අතර එම කාලය තුළ ඔවුහු මසුන් මැරීමට යෑමෙන් වැළකී සිටියහ.

අනතුරුව දිනකට ධීවරයන් 300කගේ සහභාගිත්වයෙන් උපවාසයක් ආරම්භ කළ අතර එම උපවාසය මගින් ඔවුන් ඉල්ලා සිටියේ යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයන් නිදහස් කරන ලෙසයි.

රාමේශ්වරන් තංගච්චිමඩම් වලසායි, බස් නැවතුම්පළේ බිම වාඩි වී සිදු කරන ලද මෙම උපවාසයේදී දැනට යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයන් 43 දෙනා වහාම නිදහස් කරන ලෙසත්, ලබන සතියේදී ඉන්දියාවේ තූත්තුකුඩියට පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝදි මහතා හමුවී මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට රාමේශ්වරන්, ධීවර සංගමයට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ අධිකරණවලින් ඉන්දීය ධීවරයන්ට එරෙහිව දඬුවම් පැමිණවීමේදී එක් එක් අධිකරණය විසින් එකිනෙකට පටහැනි ක්‍රමවේද අනුගමනය කරන නිසා මේ ප්‍රශ්නයට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මැදිහත් විය යුතු බවට තම ධීවර සංගම් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට, ඔහු හමු විය යුතු බවට රාමේශ්වරන් ධීවරයෝ ඉල්ලීමක් කොට තිබුණි.

ඔවුන්ගේ ඉල්ලීම් කිසිවකට ඉන්දීය බලධාරීන්ගෙන් ප්‍රතිචාර නොලැබුණු තැන ඔවුන් සිය උපවාසය අතහැර දමා ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment