දේශීය එතනෝල් භාවිත නොකළා නම් මේ වන විට මත්පැන් හිඟයකුත් ඇවිත් – සුරාබදු දෙපාර්තමේන්තුව

342

‘එතනෝල්’ ආනයනය තහනම් කර දේශීය එතනෝල් භාවිත කරන ලෙසට මත්පැන් සමාගම්වලට නියෝග නොකළේ නම් මේ වන විට ගෑස් හිඟවී තිබෙන ආකාරයටම ‘මත්පැන්’වල හිඟයක්ද නිර්මාණය වන්නට ඉඩ තිබිණැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙරට වැඩිම බදු ආදායමක් ලැබෙන ප‍්‍රධානම අංශ දෙක වන්නේ සුරාබදු හා රේගු බදුය. ‘සුරාබදු’ යටතේ වාර්ෂිකව රජයට ලැබෙන බදු මුදල රුපියල් කෝටි
15,000 කි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා දේශීය කර්මාන්ත නඟාසිටුවීමේ අරමුණින් මත්පැන් නිෂ්පාදනයට ගන්නා එතනෝල් ආනයනය තහනම් කළේය.

ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් හා එතනෝල් ව්‍යාපාරිකයන් එම තීරණයට එරෙහිව කතා කළත් මේ වන විට දේශීයව නිපදවන එතනෝල් භාවිත කර මත්පැන් නිෂ්පාදනය කිරීමට සමත්ව සිටී.

ඩොලර් හිඟය නිසා මේ වන විට වෙළෙඳ පොළේ පවතින ගෑස්, කිරිපිටි, සිමෙන්ති මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිඟය මෙන්ම මත්පැන් බෝතල්වල හිඟයක්ද ඇතිවන්නට ඉඩ තිබූ බවද ඔවුහු සඳහන් කළහ.

වත්මන් පාලනයට පෙර මෙරටට අවශ්‍ය එතනෝල්වලින් සියයට අසූවකට වඩා මෙරටට ගෙන ආවේ විදේශ රටවලිනි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment