බිරිඳ සමග අමනාපව මාස තුනක් එක දිගට මත්පැන් බී සිව්දරු පියා දිවි නසාගෙන

847

බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් මාස තුනක් නොකඩවා මත්පැන් පානය කිරීමෙන් මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් (23 වනදා) තිස්සමහාරාම ටිකිරි උදාන ප්‍රදේශයේ කෙසෙල් වත්තක තිබී හමුවූ බව තිස්සමහාරාම පොලීසිය කියයි.

එලෙස මියගොස් ඇත්තේ බෙරලිහෙල කුඩා ගම්මාන පහ ප්‍රදේශයේ පදිංචි හතළිස් නව හැවිරිදි ලියන කංකානන්ගේ ලීලාරත්න යන අය බව ඔහුගේ බිරිඳ විසින් හඳුනාගත් බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය. අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් වකුගඩු දියවී ඇල්කොහොල් සිරෝසිස් තත්ත්වයට පත්වීම හේතුවෙන් රුධිරයේ සීනි මට්ටම පහළ ගොස් සිහිසුන්ව ඇද වැටී මිය ගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බව තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂක කේ. ජේ. සී. නෙරංජන සඳහන් කළේය.

සිවුදරු පියකු වන මරණකරු මාස තුනක් පමණ සිට දවස පුරා මත්පැන් පානය කරමින් ඔහුට අයිති මියගොස් සිටි කෙසෙල්වත්තේ කාලය ගතකරමින් වැඩි කාලයක් නිවසින් බැහැරව සිටි බව බිරිඳ පොලීසියට පවසා ඇතැයි පොලීසිය කීය.

තිස්සමහාරාම අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment