සීනි පරිභෝජනය අඩුවේ

164

ඒක පුද්ගල සීනි පරිභෝජනය ඉකුත් වර්ෂයේ දී (2022) සීනි කිලෝග්‍රෑම් 24.30ක් දක්වා අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ඉකුත් වසර දහයේ දී අඩුම ඒක පුද්ගල සීනි පරිභෝජනය ද වාර්තා වන්නේ 2022 වර්ෂයේදී බවත් මහබැංකු වාර්තා පෙන්වා දෙයි. එම කාලයේ දී වැඩිම ඒක පුද්ගල සීනි පරිභෝජනය වාර්තා වී ඇත්තේ 2020 වර්ෂයේදීය. එම වර්ෂයේ ඒකපුද්ගල සීනි පරිභෝජනය කිලෝග්‍රැම් 33.87කි.

මෙරට සමස්ත සීනි අවශ්‍යතාවයෙන් සියයට 15ක් පමණ දේශීයව සපුරා ගන්නා අතර ඉතිරි අවශ්‍යතාවය ආනයනය කිරීම මගින් සපුරා ගන්නා බව ද මහ බැංකුව පෙන්වා දෙයි. ඉකුත් වර්ෂයේ දී (2022) මෙරටට සීනි මෙටි්‍රක්ටොන් හාරලක්‍ෂ හැටදහසක් ආනයනය කොට ඇති අතර ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 82,644කි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment