නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසා දැමේ

142

ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දුපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග මුහුදේ වාරකන් සමය එළැඹීම හේතුවෙන් දුපත නැරඹීමට බෝට්ටු මගින් යන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වනවිට මුහුදේ පවතින රළු ස්වභාවය බොහෝවිට ලබන වසරේ පෙබරවාරි මස අවසන් සතිය වන තෙක් පැවතිය හැකි බවත්, ඒ අතරවාරයේ ඇතැම් දිනවල මුහුද සාමාන්‍ය ස්වභාවයක පැවතියහොත් දුපත නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදිය හැක වුවත්, ඒ පිළිබඳව පූර්ව නිගමනයන්ට පැමිණිය නොහැකි බවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරත් සඳහන් කර සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment