රාජ්‍ය ආයතන 833කට සම්මාන

213

ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 833ක් අද සම්මානයට පාත්‍ර විය. ජනපති රනිල් වික්‍රමසිංහ සහ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති උත්සවයකදී මෙම සම්මාන ප්‍රදානය කරනු ලැබීය.ඒ අනුව 2019 වර්ෂයේදී ඉන් තෝරාගත් ආයතන 15ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මානද, 2020 වර්ෂයේදී තෝරාගත් ආයතන 15ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන වශයෙන් සමස්ත සම්මාන 90ක් වෙත සම්මාන පිරිනැමුණි. රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස්කර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාලගත ක්‍රමය මගින් වාර්ෂිකව ඇගයෙනු ලබයි. ඒ අනුව විගණකාධිපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කොට, සිදු කළ ඇගයීම අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර විය .රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමිණි.

advertistmentadvertistment
advertistmentadvertistment