සෝමපාල ලීලානන්දට පිදෙන ‘යෞවන උයනේ’ අද සුදර්ශියේදී

28

දශක පහකට ආසන්න මතකයන් රැන්දූ කෘතහස්ත චිත්‍රපට ගීත රචකයකු චිත්‍රපට දෙබස්, තිරනාටක රචකයකු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු මෙන්ම ගුවන්විදුලි හා පුවත්පත් ක්‍ෂේත්‍රවලට තම ප්‍රතිභාව දායාද කළ සෝමපාල ලීලානන්දයන් වෙනුවෙන් පිදෙන අතීතාවලෝකන සිනමා දැක්ම හා උපහාර උළෙල අද පෙබරවාරි (21 වැනිදා) කොළඹ බෞද්ධාලෝක මාවතේ සිංහල සංස්කෘතික ආයතනයේ සුදර්ශී ශාලාවේදී පැවැත්වෙයි. මෙදින ඇගැයුම් දේශනය විදර්ශන කන්නන්ගර පවත්වයි.

එදින ඔහු ගීත ලියූ නිල්ල සොයා (පෙ.ව. 10.30ට) සදහටම ඔබ මගේ (ප.ව. 2.30ට) චණ්ඩි පුතා (ප.ව. 6.30ට) උපහාර පිදුම ප.ව. 5.00ට සිදුවේ.

ඔහු ලියූ වාසනාව දොර ඇරලා, කඳුලැලි නෑනේ” පාට පොදක්, පෙම් රස වෑහෙන, අම්මලා දුක්ගන්නේ, මල්වයසේ මධු සිහිනේ, යෞවන උයනේ පියුම් තටාකේ, සැරයැටියෙන් අප යනෙන තුරා, මේ අහල්ලා, බිලිඳුනේ දරුවනේ අදත් ජනප්‍රිය ආදි ගීත 300කට අධික සංඛ්‍යාවක් සිනමාවට චිත්‍රපට ගීතයට ඔහු මුසු කර තිබේ. රවීන්ද්‍ර – මාලිනි, කොස්තා ආදීහු රඟපෑ බඹර පැටික්කි අධ්‍යක්‍ෂණය කළේ ද ඔහු විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment