ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිට නගන සේවා ස්ථානයක්

102
චන්දන එල්. අලු‍ත්ගම ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (ව) / රෝහිත අමරපාල - නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී- මානව සම්පත් සහ සේවක සබඳතා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (ද)

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC‍) මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධානතම සහ වටිනාතම සම්පත වන අතර ඔවුන් ආයතනයේ අභිමානයද වේ.

2600 ක් පමණ වූ අභ්‍යන්තර කාර්ය මණඩලයකින් සහ 8000 ට වැඩි අලෙවි බලකායකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, පොදු ආයතනික ආචාරධර්ම පද්ධතියක් මත ගොඩනැගුනු ආයතනික සංස්කෘතියක් තුල ක්‍රියාත්මක වේග අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගරුත්වය, එකමුතු බව, වෘත්තීමය කැපවීම, නිවැරදි ආචාරධර්ම සහ අවංක බව සහ නොනවතින විශිෂ්ටත්වය ීඛෂක්‍ හි මුලික ආචාරධර්ම පද්ධතිය වේ. මෙම ආචාරධර්ම ආයතනයේ ඉහලම කළමණාකාරිත්වයෙන් ආරම්භ වී සෑම සේවක ස්ථරයක් කරා දිවෙන අතර එකී ආචාරධර්ම කාර්යමණ්ඩලයේ සෑම සියලු දෙනාම තම එදිනෙදා කටයුතු වලදී නිරතුරුව අනුගමනය කරයි. විශේෂයෙන්ම මේ සඳහා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය විසින් නිරන්තරයෙන් ආදර්ශමත්ව කටයුතු කරමින් ආයතනයේ සෙසු සේවකයින් ද ඒ සඳහා දායක කරගනු ලබයි.

මෙම ආචාරධර්ම ආයතනයේ යහ පැවැත්මට පාදක වන අතර මානව සම්පත් කළමනාකරණයේදී මූලිකව පදනම් කර ගනු ලබයි. මේ තුලින් ධනාත්මක සහ අනාගත දැක්මක් සහිත සංස්කෘතියක් ඇති සේවා ස්ථානයක් බිහිවන අතරම එහි ප්‍රතිඵලයක් ලෙස කාර්යමණ්ඩලය දිගුකාලීන සේවක තෘප්තියක් සහිත වැඩ පරිසරයක් නිර්මාණය වීමට ඉවහල් වේ. ආයතනය තුල විවිධත්වය, විශ්වාසය සහ සමානාත්මතාවය පවත්වා ගැනීම තුලින් සෑම සේවකයෙකුටම සමානව සැලකීමටත් සෑම ව්‍යාපාර කටයුතු වලදී ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් ප්‍රතිපත්ති රාමුව කටයුතු කරයි. විවෘත සංවාදයන් තුලින් යහපත් සේව්‍ය හා සේවක සම්බන්ධතාවයන් ඇතිකරගැනීම මෙන්ම විනිවිදභාවය වර්ධනය වන අතර ආයතනයේ මූලික තීරණ බොහොමයක් සේව්‍ය-සේවක එකගත්වයෙන් ගනු ලබයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අලු‍ත්ගම මහතා තම අදහස් දක්වමින් පැවසුවේල සේවා ස්ථානයක ධනාත්මක ආකල්ප තිබීම ආයතනයක කාර්යක්ෂමතාවය සහ අනාගත දැක්මක් සහිත සංස්කෘතියකට හේතු වන බවයි. ඒ තුලින් ආයතනයට සම්බන්ධ සියලු‍ම පාර්ශවකරුවන් අතර ආයතනයේ සන්නාමය හා අනන්‍යතාවය පිළිබඳව ස්ථිර විශ්වාසයක් ඇතිවේ. එබැවින් ආයතනයක් ලෙස විශේෂ අවධානයක් යොමුකරමින් ආයතනයේ යහපත් සේවා සංස්කෘතියක් බිහිකිරීමට ආයතනයේ ආචාරධර්ම සියලු‍ම සේවක ප්‍රජාව අතර පිලිපැදීමට අවශ්‍ය පියවරයන් ක්‍රියාත්මක කර ඇති අතර සේව්‍ය සහ සේවකයන් අතර නිරතුරුවම විවෘත සංවාදය තිබීම, විවිධත්වය, අන්තර්ග්‍රහණය සහ සමානාත්මතාවය තුලින් සේවක මණ්ඩලයට එක හා සමානව සැලකීම නියත වශයෙන් සිදුවිය යුතු බවට අප විශ්වාස කරන අතර ඒ සඳහා වගවීමට බැඳි සිටිමු. එසේම ආයතනයේ පරිවර්තනීය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ද අපි නිරතුරුවම අපගේ සේවක මණ්ඩලය දිරිගැන්වීමට කටයුතු කරන්නෙමු‘.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී – මානව සම්පත් සහ සේවක සබඳතා රෝහිත අමරපාල මහතා පැවසුවේල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දශක 6 කට වැඩි පරිණත සේවා ස්ථානයකි. එවැනි ආයතනයක් නව්‍යකරණය තුලින් ඉදිරියට ගෙන යාම අභියෝගයකි. එනමුත් ආයතනයේ කළමනාකාරීත්වයේ දැක්ම තුලින් සහ ඔවුන්ගේ ආදර්ශයන් තුලින් මෙම නව්‍යකරණය ආයතනය තුලට ගෙන ඒමට හැකි වීම අප ලද ජයග්‍රහණයකි. එසේම ආයතනයක ආචාරධර්ම පොදුවේ සියලු‍ම සේවක මණ්ඩලය පිළිපැදීම තුලින් සේවකයින් අතර එකමුතුභාවයත් සහසම්බන්ධතාවයත් වැඩිදියුණු වීමට රුකුලක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment