විල්වත්ත හරස් මඟේදී රේල් පාර උඩ කන්ටේනරයේ ඇන්ජිම ඇනහිටලා

251

ජීවිත හානි නෑ සංඥා පද්ධතියට දැඩි හානි
අනතුරත් සමග දුමාරයකින් පළාතම වැහිල ගියා – කාන්තාවක්
මීරිගම විල්වත්ත දුම්රිය අනතුර

විල්වත්ත හරස් මඟේදී රේල් පාර උඩ කන්ටේනරයේ ඇන්ජිම ඇනහිටලා
විල්වත්ත හරස් මඟේදී රේල් පාර උඩ කන්ටේනරයේ ඇන්ජිම ඇනහිටලා

එප්පාවල සිට පොහොර තොගයක් පටවාගත් කන්ටේනර් රථයක් මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් ඊයේ (09 දා) අනතුරට ලක් විය.

පෙරවරු 5.25 ට පමණ පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියේ මෙම කන්ටේනර් රථය වැදී මේසේ අනතුරට ලක්විය. අනතුරින් ජීවිත හානි කිසිවක් සිදු නොවූවද දුම්රියේ වැදුණු කන්ටේනර් රථය මීටර් 100 ක පමණ දුරක් ඇදගෙන ගොස් නතර වී ඇති අතර දුම්රිය සංඥා විදුලි රැහැන්වලට සහ දුම්රිය ගේට්ටුවටද අනතුරින් දැඩි ලෙස අලාභහානි සිදු වී ඇති බව පොලිසිය පැවසීය.

විල්වත්ත හරස් මඟේදී රේල් පාර උඩ කන්ටේනරයේ ඇන්ජිම ඇනහිටලා

තවද මෙම කන්ටේනර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේදීම නැවතීම හේතුවෙන් දුමිරියේ ගැටී අනතුර සිදුවන්නට ඇතැයි සැක පළ කරන අතර එම රථයේ රියැදුරු විශාල පරිශ්‍රමයක් දරා එම රථයෙන් පැන ජීවිතය බේරාගෙන ඇති බවද පොලිසිය පැවසීය.

මෙම සිද්ධිය ඇසින් දුටු එම ස්ථානයේ කැඳ කඩයක් පවත්වාගෙන යන කාන්තාවක් අනතුර සම්බන්ධයෙන් මෙසේ පැවසීය. “මම උදේ පාන්දර කඩේ අරින්න හදන වෙලාවෙ කන්ටේනර් රථය මේ ස්ථානයේ නවතා ගෙන ඉන්නවා දැක්කා. පස්සෙ මම කඩේ බෝඩ් එක තියන්න ඉස්සරහට යනවත් එක්කම දැක්කා කන්ටේනර් එක ඉස්සරහට යනවා. එතකොටම ගේට්ටුව වැහුවා. ඒ එක්කම කෝච්චිය ආවා. ඇවිත් කන්ටේනර් එකේ වැදුණා. කිසිම දෙයක් පේන්නෙ නැතිව දුමාරයකින් වැහිලා ගියා” යැයි ද එම කාන්තාව පැවසුවාය. දුම්රිය අනතුර සිදුවී පැය 4 කට පසුව වසාදමා තිබූ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් දුම්රිය ගමනාගමනයට විවෘත කෙරිණි. අනතුරට ලක්වූ දුම්රියට පසු ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් 12 ක් එකින් එක තනි දුම්රිය මාර්ගයේ ධාවනය කරවීමට පසුව පියවර ගත් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා ‘දිවයින’ ට පැවසීය. දුම්රියේ ගැටුණු කන්ටේනර් පෙට්ටිය මීටර් 100 ක් පමණ දුරකට ඇදගෙන ගොස් තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා සුජාතා ජයරත්න, බෝයවලාන – ජයන්ත කුමාර දිසානායක, කල්එළිය – චන්ද්‍රවීර වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment