ගුවන්තොටේදී රත්‍රන් සමඟ කොටුවුණු මන්ත්‍රී ගැන ස්වාධීන පරීක්‍ෂණයක් ඕනෑ- හර්ෂණ සහ මෛත්‍රී ඉල්ලති

170

ගුවන්තොටුපළේදී පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතා සමඟ රත්‍රන් කිලෝ තුනහමාරක් හසුවීමේ සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වා වරදකරුවන්ට ඉහළම දඬුවම ලබාදෙන ලෙස සමගි ජනබලවේගයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරු ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්‍ෂයෙන් ඉල්ලා සිටියහ.

ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් මෙසේය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා – ගුවන්තොටුපළේදී පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන අලි සබි්‍ර රහීම් සමඟ කිලෝ තුනහමාරක් පමණ රත්‍රං අල්ලලා කියලා මාධ්‍ය වාර්තා කරනවා. මේ වගේ දේවල් නිසයි 225 ටම ඇඟිල්ල දික් වෙන්නේ. කරුණාකරලා වහාම ස්වාධීන පරීක්‍ෂණයක් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන – රත්‍රන් හසුවීමේ සිද්ධිය පිළිබඳව අපක්‍ෂපාතීව දිය හැකි උපරිම දඬුවම ලබාදෙන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment