වාහනයෙන් යන විට හදවත් නැවතිලාලු: මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණයෝ දෙදෙනෙක් මියයති!

160

අධික ලෙස මත්ද්‍රව්‍යයක් ශරීර ගතවීම නිසා මන්නාරමේ තරුණයන් දෙදෙනකු රෝහල් ගත කිරීමෙන් පසුව ඊයේ (31 දා) මියගොස් තිබේ.

රාත්‍රියේදී මිතුරන් පිරිසක් කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කර වාහනයකින් ගමන් කරමින් සිටියදී තරුණයින් දෙදෙනකුට හෘදයාබාධ වැලඳී ඇති අතර ඔවුන් දෙදෙනා මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මන්නාරම, පේසාලේ පදිංචිව සිටි 35 හැවිරිදි රිෂාර්ඩ් මව්ෂාඩ් නමැත්තකු හා තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මහේන්ද්‍රන් ප්‍රදීප් යන අයෙකි.

තරුණයින් දෙදෙනා පානය කළ මත්ද්‍රව්‍ය විශේෂය හා සිද්ධිය පිළිබඳව වැඩිදුර විස්තර මෙතෙක් අනාවරණය වී නැත.

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන මන්නාරම පොලිසිය මියගිය තරුණයින් දෙදෙනා සිටි වාහනයේ ගමන් කළ තවත් තරුණයින් දෙදෙනකු ද, වාහනයේ රියැදුරු හා වාහනය ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment