ගීතාට සුබ උපන් දිනයක්

1091

ප්‍රවීණ සම්මානිත රංගනවේදනී, රාජ්‍ය ඇමැති ගීතා සමන්මලි කුමාරසිංහ මහත්මියගේ ජන්ම දිනය හෙට (05 දාට) යෙදී ඇත.

සිනමා ‘තාරකාවියක්’ ලෙසින් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය, 1973 වසරේ දී ‘සවස’ පුවත්පත මගින් සංවිධානය කරන ලද සිංහල අවුරුදු රූප සුන්දරී තරඟයට ඉදිරිපත්ව, ප්‍රථම ස්ථානය ලැබ ගනිමින් 1975 වසරේදී සිනමා කලාව වෙත පිවිසියාය. අනතුරුව සිනමා සිත්තම් 70කට ආසන්න ප්‍රමාණයක් සිය රංගනයන්ගෙන් වර්ණවත් කර තිබේ.

පක්ෂ දේශපාලනයේ දී විවාදාත්මක චරිතයක් වූ ඇය, 2013 දී පැවැති දකුණු පළාත් සභා මැතිවරණයට තරඟ කර ජය ලබමින් දකුණු පළාත් සභාවට තේරී පත්විය.

2015 දී පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත්ව ජය ගත් ඇය පාර්ලිමේන්තුවට පිවිස, 2020 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද ජය ලබා අද ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනිය ලෙස කටයුතු කරමින් පසුවන්නීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment