ඉන්දීය මහ මැතිවරණය අද සිට

233

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම අද ආරම්භවේ. ලෝකයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.18 වැනි ලෝක් සභාව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීම සඳහා අදියර හතකින් පැවැත්වෙන මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බිලියන 1.44ක් වන සමස්ත ඉන්දීය ජනගහනයෙන් ලියාපදිංචි වී ඇති මුළු ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 969ක් වන අතර එම ඡන්ද දායකයන් අද සිට දින 44ක කාලයක් ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර මිලියන 5.5ක් භාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment