ඇමෙරිකාවේ ඩොලර් බිලියන 200ක සොරකමක්

848

අමෙරිකාව තුළ කොවිඩ් වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පැවති සමයේදී පිහිටුවාගත් සහනාධාර අරමුදලකින්, අමෙරිකානු ඩොලර් බිලියන 200ක මුදලක් සොරාගෙන ඇතැයි අනාවරණ වී තිබේ. අමෙරිකාවේ රාජ්‍ය ආයතන, මුදල් පරිපාලනය අධීක්ෂණ කාර්යාලය අනාවරණ කරන්නේ, රටේ කුඩා පරිමාණ ව්‍යාපාර ගොඩනැගීමේ අරමුණින් බෙදාදුන් මුදල් වංචාකරුවන් අතට පත්ව ඇති බවය.

කුඩා ව්‍යාපාර පරිපාලනය නම් සංවිධානයක් මගින් එම අරමුදල පරිපාලනය කර ඇති අතර, එමගින් බෙදා දී තිබූ මුළු මුදල අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.2කි.

වාර්තාවට අනුව එම වංචාවලින් 86%ක් සිදුව ඇත්තේ 2020 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන සමය තුළදීය.

advertistmentadvertistment
advertistmentadvertistment