මන්නාරමේ තෙල් හා ගෑස් සම්පතෙන් රට ගොඩගන්න සියලූ පක්‍ෂ එකතු වන්න – බලශක්ති ඇමැති උදය ගම්මන්පිල

249

2022 අයවැය විවාදය

රාජ්‍ය බැංකු අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීම්වලින් පහතට වැටිලා – පාඨලී චම්පික රණවක

ගෑස් ඉවත්කර දර ලිපට යන්න රජය ජනතාවට පාර කපනවා – නලින් බණ්ඩාර

රටේ තෙල් ටැංකි තුනම  එදා ආණ්ඩුව වික්කා – ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ


රටේ බලශක්ති ක්‍ෂේත‍්‍රයේ සංවර්ධනයට මේ වසරේ දැවැන්ත පියවරක් ගත් බවත් මන්නාරමේ ඇති තෙල් සහ  ගෑස් සම්පත ගොඩගෙන අපේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට සියලූ පක්‍ෂ එක්විය යුතු බවත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (29 දා) පෙ.ව. 9.30ට ඇරඹිණි.

ලිපි ලේඛනාදිය මහජන පෙත්සම් පිළිගැන්වීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව 17/2 යටතේ විශේෂ ප‍්‍රකාශ සිදුකිරීම සහ ඒවාට පිළිතුරු දීමෙන් අනතුරුව 2022 අයවැය ලේඛනයට අදාළ 13 වැනි දිනට අදාළව විවාදය ඇරඹි අතර විදුලිබල, සූරියබල, සුළං, ජල විදුලි ඒකක ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට සහ බලශක්ති අමාත්‍යාංශයට අදාළ කාරක සභා අවස්ථාව එළැඹිණ.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පාඨලී චම්ලික රණවක මහතා (සජබ)-

මේ රටේ ඇතිවන ආර්ථික පරිහානියත් සමග පෝලිම් ඇති වෙනවා. ගෑස්, ඉන්ධන පෝලිම් අපි දකිනවා. ගෑස් සම්බන්ධ ප‍්‍රශ්නය අසමාන්‍ය තත්ත්වයක්. මේ ගැන එම සමාගම් වගකිවයුතු තත්ත්වයක් තිබෙනවා. එම පීඩන වෙනස සම්බන්ධයෙන් මේ වන විට රටේ ආර්ථික පරිහානියක් තිබෙනවා. රට විදේශ විනිමය අර්බුදයක් කරා ගමන් කරනවා. ඒ නිසයි මේ ආනයන සීමා පනවලා තිබෙන්නේ. අපි ණයවර ලිපි නිකුත් කළාට වැඩක් නෑ. ඒවා ජාත්‍යන්තර බැංකු විසින් පිළිගත යුතුයි. දැන් වන විට ලංකා සහ මහජන බැංකු පතුල දක්වාම හූරාගෙන අවසන්. දැන් රාජ්‍ය බැංකු අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටිලා. කොවිඞ් මීට එකම හේතුව නොවෙයි. සංචාරක ප‍්‍රශ්නය අපට විතරක් නොවෙයි අනෙක් රටවල්වලටත් තිබෙනවා. ඒත් ඒ රටවල් එය කළමනාකරණය කර තිබෙනවා. නමුත් අපි අපේ ධන කුවේරයන්ට පහසුකම් සැලසුවා. බදු නිදහස ලබා දුන්නා. අද විදේශ විනිමය ගලා ඒම නැතිවෙලා තිබෙන්නේ තමන්ගේ හිතවතුනට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදීම නිසයි. ඒ නිසා අපි දේශීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් මේ වන විට විශ්වාසය බිඳගෙන අවසන්. අපි දැන් ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටිලා. මොළේ අමාරුවක් නැති කිසිම අයෙක් මේ වන විට ශී‍්‍ර ලංකාවට ආයෝජන හෝ ණය ලබා දීමට කි‍්‍රයා කරන්නේ නෑ. එහි බලපෑම 69 ලක්‍ෂයකට පමණක් නොවෙයි රටටමයි බලපාන්නේ. ජාතික භෞතික සැලැස්ම

පැත්තට දාලා වරාය, ගුවන්තොටුපළ, කී‍්‍රඩාංගණ ඉදිකළා. ඒවායේ අනිසි ප‍්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා (ශී‍්‍රලපොපෙ)-

පාඨලී චම්පික මන්තී‍්‍රතුමා කියපු කතාවල සාවi කරුණුත් තිබෙනවා. අපි දීර්ඝ කාලයක් කරගෙන ගිය කි‍්‍රයාවලියේ ප‍්‍රශ්නයක් තිබෙන බව නම් මම පිළිගන්නවා. නැතුව මම කලින් තිබුණ ආණ්ඩුවලට වරදක් කියන්නෙත් නෑ අනාගත ආණ්ඩුවලටත් වැරදි කියන්න යන්නේ නෑ. ඛනිජ තෙල් සංස්ථාව ණයට තමයි තෙල් ගේන්නේ. එහෙම ගෙනල්ලා සහනයකුත් දෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයට දෙනකොටත් සහනදායී මිලකට. මේක විශම චක‍්‍රයක්. ඒ සඳහා අපට විදේශ ආයෝජන අවශ්‍යයි. නමුත් අපේ පාලනයේ බලශක්ති ක්‍ෂේත‍්‍රය තබා ගැනීම අවශ්‍යයි. ඒ වගේම අපි අර විරම චක‍්‍රයෙන් මිදීමට අවශ්‍යයි. ඒ සඳහා උපාය මාර්ගික සැලසුමක් අවශ්‍යයි. පිටරටින් ගෙනල්ලා අඩු මිලට දෙන්නත් බෑ අඩු මිලට ජනනය කරලා අඩු මිලට දෙන්නත් බෑ. මේ ක්‍ෂේත‍්‍රය ගැන පුළුල් විග‍්‍රහයක් කළ යුතුයි. ඒ වගේම විදේශ ආයෝජනත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නැත්නම් බරපතළ ප‍්‍රශ්නයක් අපට එනවා.

(වේලූ කුමාර් මහතා මූලාසනයට පැමිණේ)

පත්කළ මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමි (අජබ)-

බලශක්තිය, විදුලිබල මණ්ඩලය වැනි ආයතන තිබෙන්නේ ඇමැතිවරුන් කිහිප දෙනෙක් යටතේ. බලශක්තිය කරන දේ අනෙක් ඇමැති දන්නේ නෑ. කිසිම විiාත්මක පදනමක් නෑ. ඒ නිසා ව්‍යුහාත්මක ලෙස විiාත්මක පදනමක් මත අමාත්‍යාංශ නම් කළ යුතුයි. කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේත් මේ තත්ත්වය තිබෙනවා.

අපේ රටේ විදුලිබල ක්‍ෂේත‍්‍රය සම්බන්ධ ප‍්‍රතිපත්ති හදන්න මමත් එදා 1997 දී මැදිහත් වුණා. නමුත් අද ඒ තත්ත්වය වෙනස්. අද විදුලිබල ඇමැතිට අධිකරණයට යන්න වෙනවා. අද බලශක්ති විප්ලවයක් කළ හැකි පුද්ගලයා තමයි මේ රට දිනවිය හැකි පුද්ගලයා වන්නේ. මොකද මේ ලෝකයේ ප‍්‍රධාන ආදායම් තුනෙන් එකක් තමයි බලශක්තිය. ඩොලර් බිලියන 5ක් රටින් පිටට යනවා. මේක නවත්වගන්න පිළිවන් කෙනා තමයි ජාතික වීරයා වෙන්නේ. ජනාධිපතිතුමා ඒකට සූදානම්. මම දන්නෑ ඇමැතිතුමා කොහොම සූදානම්ද ඒකට. අද වන විට ආනන්ද විiාලයේ සිසුන්ට කෑම පිසින්නේ ඔවුන්ගේම කෑමවල අහකදාන ඉඳුල් මගින් ගෑස් නිර්මාණය කරලා. අපි සූර්ය ශක්තිය භාවිතා කළ යුතුයි. සුළං බලය අපට ඕනෑ තරම් තිබෙනවා. ලෝක බලවතුන් කියන්නේ ගල් අඟුරු, තෙල්වලින් ඉවත් වෙන්න කියලයි. උදය ගම්මන්පිල මහතා දැන් අපේ ගෑස් සම්පත ගොඩදාන්න යනවා ඒක හොඳයි. අපි එහෙම ගෑස් ගන්න යන විට නිව්පොවුස් සමාගම සම්බන්ධ කර ගනිමින් ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් කරන්නේ.

කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කබීර් හෂීම් මහතා (සජබ)-

ඇමැතිතුමා කියලා තිබුණ පිරිපහදු කිරීම අඩුයි කියලා. ලංකාව බොරතෙල් නැව් 20ක් 27ක් සාමාන්‍යයෙන් ගෙන්වනවා. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම් කරනවා. අපි සමග සැමදාම ගනුදෙනු කරන සමාගම් සිටිනවා. පසුගියදාක මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් මගඩියක් සිදුවුණා. ඒ තමයි අපි කවදාවත් ගනුදෙනු නොකළ නයිජීරියානු ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයක සිටින සමාගමකට භාරදුන්නා. කොහොමද එහෙම වුණේ.

ගම්මන්පිල මහතා-

මෙහෙම බොරු කියන්න එපා. නයිජීරියානු සමාගම අලූතින් ලියාපදිංචි වූ සමාගමක්.

කබීර් හෂීම් මහතා-

මේ සමාගමට දෙන්න එපා කියලා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් කියද්දී එහි සභාපති බුද්ධික මඩිහහේවා බලපෑම් කළා මේක දෙන්න කියලා. මෙතැන වංචාවක් වෙලා තිබෙනවා. මේ ගැන කෝප් කමිටුව හමුවට ගෙනැවිත් සාකච්ඡුා කළ යුතුයි. පසුගිය ජුනි මාසෙන් පසු එකම තෙල් නැවක්වත් ඒ සමාගම ගෙන්නලා නෑ. මේක මූල්‍ය වංචාවක්. මේ නිසා වෙළෙඳපොළේ ඉන්ධන හිඟයක් ඇතිවුණා. පිරිපහදුව වහන්නත් මෙය හේතුවක් වුණා. මේකෙන් කෝටි 300ක පාඩුවක් වුණා. මේවා අපරාධ. මෙමඟින් ඩොලර් අපට අහිමිවුණා. ඇමැතිතුමා පිරිපහදුව වහන්න කටයුතු කරලා කිව්වේ පිරිපහදු කරපු තෙල් ගේන එක වාසියි කියලා. නමුත් අර නයිජීරියානු සමාගම සමග කරපු ¥ෂිත ගනුදෙනුව ගැන කිව්වේ නෑ. මේ පාර කපන්නේ පිරිපහදුව විකුණන්නයි. දේශපේ‍්‍රමීත්වය ගැන කතා කරලා වංචනික වැඩ කරනවා. ඕනෑ කමින් පිරිපහදුව වැහුවා. අර ති‍්‍රකුණාමල තෙල් ටැංකි ආපසු ගන්නේ නැත්තේ ඇයි?

රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත-

තෙල් සංස්ථාවට අනුබද්ධ ආයතන රැුසක් තිබුණා. ඒවා පෞද්ගලීකරණය කළා. කාලයෙන් කාලේයදී. ලිහිසි තෙල් ව්‍යාපාරය නිදහස් කළා. 2003 දී සංස්ථාව තුනට කැඩුවා. හෙජින් ගනුදෙනුව සිදුවුණා. සේවක අතිරික්ත, නාස්තිය, නළ නවීකරණය නොවීම සංස්ථාව පාඩු වීමට හේතු වෙනවා.

ආනයනය කළ තෙල්වලට විදේශ විනිමය ඉපයුවේ නැහැ. දැන් ඩොලරුත් නැහැ. රුපියලූත් නැහැ. බලශක්ති ප‍්‍රශ්නයට අපි සැවොම එකට එක්විය යුතුයි. ආහාර සුරක්‍ෂිතතාව හා බලශක්ති සුරක්‍ෂිතතාව ගැන මුල්තැන දිය යුතුයි.

පත්කළ මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර මහතා (සජබ)-

අද යුගදනවි බලාගාරයට අත්සන් කරපු ගිවිසුම හෙළි කරන්නේ නැහැ. ජූලි මස 7 අත්සන් කළේ. අදත් අර්බුදය උග‍්‍රයි. ගෑස් ටැංකිය ගෙදර තබා ගැනීමත් ප‍්‍රශ්නයක්. ගෑස් සංයුතිය වෙනස් කිරීම මේ ප‍්‍රශ්නයට හේතුව බව විශේෂඥයන් පවසනවා. මිනිස්සු මැරෙනවා. වහාම ආණ්ඩුව උත්තරයක් දෙන්න. ගෑස් වෙළෙඳපොළේ අඩු වුවත් එහි වාසිය ජනතාවට දුන්නේ නැහැ. අපේ ආණ්ඩුව ආපු ගමන් ගෑස් මිල අඩු කළා.

පුනර්ජනනීය බලශක්තිය වැඩි කරද්දී එල්. එන්. ජී. ගෑස් සැපයුම වසර 10කට ඇමරිකාවට දෙනවා. මොකද්ද මේ කරන්නේ. කිසි දෙයක් පෞද්ගලිකකරණය කරන්නේ නැහැ කියලා බලයට ආවේ. ටෙන්ඩර් කැඳවා තිබියදී ඊට පිටින් ගෑස් පර්යන්තයත් ඇමරිකාවට දුන්නා. මේක හෙජින් ගිවිසුම වගෙයි.

මේ වන විට ලෝක වෙළෙඳපොළෙහි තෙල් මිල අඩුවෙමින් පවතිනවා. මිල සූත‍්‍රය ගෙන ආ යුතු බව

ගම්මන්පිල ඇමැති කියනවා. මේ ආණ්ඩුව ඉන්දන මිල අඩු වූ අවස්ථාවේ එහි සහනය ජනතාවට දුන්නේ නැහැ.

පත් කළ මන්තී‍්‍ර තිස්ස අත්තනායක (සජබ)

රාජ්‍ය දේපළ විකුණනවාට වඩා ති‍්‍රකුණාමලයේ දිරා යන තෙල් ටැංකි හවුල් ව්‍යාපාරයක් ලෙස හෝ යළි ආරම්භ කිරීමට පියවර ගන්න. මේවාට ආයෝජන ගෙනල්ලා බලශක්ති ප‍්‍රශ්නයක් ඇති නොවන ලෙස කටයුතු කරන්න.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ඞී. වයි. ජී. රත්නසේකර (ශී‍්‍රලපොපෙ) – මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම්වලට අපි සියලූ දෙනාම සහාය දිය යුතුයි. අර්බුදයෙන් ගොඩ එන්න අපට විශාල ශක්තියක් මෙමගින් ලැබෙනවා.

පසුගිය ආණ්ඩුව මිල සූත‍්‍රයක් යොදා ගත්තත් විශාල පාඩුවක් සිදුකර තිබෙනවා. අපේ කාලයේ තෙල් මිල ඉහළ

ගිය ද ජනතාවට සහනයක් ලෙස ගෑස් මිල ඉහළ දැම්මේ නැහැ.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අශෝක් අබේසිංහ (සජබ) – අපේ රටේ විදුලි බලය මෙන්ම බලශක්තිය අභාග්‍යසම්පන්න තත්ත්වයකට මුහුණ දීලා. අද රටේ ජනතාවට දැඩි ලෙස බලපෑම් එල්ල වෙලා.

ඛනිජ තෙල් පනත ආණ්ඩුව සංශෝධනය කළා. එමගින් ඉදිරියේදී පෞද්ගලීකරණය වීමේ අවදානමක් පවතිනවා. යුගදනවි බලාගාරය ඇමරිකන් සමාගමකට විකිණීමේ ප‍්‍රශ්නය තවම විසඳී නැහැ. තවම ගිවිසුම හංගගෙන ඉන්නවා. එල්. එන්. ජී. සැපයුම රජය සතුව පැවතිය යුතුයි. ටෙන්ඩර් කැඳවීමකින් තොරවයි මේ බලාගාරය දෙන්න යන්නේ. මෙහි අත යට ගනුදෙනුවක් වගේම කොමිස් ගසා කෑමක් තිබිය හැකියි. අද වන විට ඉන්ජිනේරුවන් එළියට බැහැලා.

ගල් අඟුරු සැපයීම ජනවාරි සිට නොලැබීමේ අවදානමක් තිබෙනවා. තවම ටෙන්ඩර් ලබාගෙන නැහැ.

රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක

අද ලොව සියලූ රටවල්වල ආර්ථික අර්බුද, කොවිඞ්වලින් ඒ අර්බුද තවත් වැඩි වෙලා. ලංකාවත් අද ඉන්නේ ඉතා අවදානම් තත්ත්වයක. රට මීට වඩා පහළට දැම්මොත් කාටවත් ආණ්ඩු කරන්න බැරි තත්ත්වයක් ඇති වේවි. එනිසා අපි හැමෝම අනාගත පරපුර වෙනුවෙන් එක්ව රට ගොඩනගමු.

අදට ගැළපෙන ආකාරයට විදුලිබල පනත වෙනස් විය යුතුයි. එදාට වඩා අද වෙනස්. එදා යහපාලන ආණ්ඩුව විදුලිබල පනත වෙනස් කරන්න හැදුවා. එදා විපක්‍ෂය විරුද්ධ වුණා. අද ඒ විපක්‍ෂය ආණ්ඩුවක් ලෙස පනත සංශෝධනය කරන විට විපක්‍ෂය ඊට විරුද්ධ වෙනවා.

පුනර්ජනනීය බලශක්තිය ගැන අපට වැඩි අවධානය යොමු වී තිබෙනවා. මීට මුළු රටම සම්බන්ධ විය යුතුයි. මේ රටේම විදුලිය නිපද වුවහොත් තෙල් සඳහා යන වියදම අඩු කරගත හැකියි.

මෙගාවොට් 50ට වැඩි ව්‍යාපෘති ඇති කරන්න 600කට වඩා ඉදිරිපත් වී සිටිනවා. එය ඉතා සතුටට කරුණක්. මේ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කරගත යුතුයි.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජේ. සී. අලවතුවල මහතා (සජබ)

සපුගස්කන්ද පිරිපහදුව වසා දමලා ඩොලර් නැතිව. අද අර්බුදයට ඇත්ත පිළිගත යුතුයි. ගෑස් පිළිබඳව ප‍්‍රශ්න මතුවෙලා. ගෑස්වල සංයුතිය වෙනස් වීම නිසා ගෑස් පුපුරා යෑමට පටන් අරන්. ගෑස්වල නියමිත ප‍්‍රමිතිය නැහැ කියලා ආරංචියි. ජීවිත ආරක්‍ෂාව ගැන මීට වඩා බැලිය යුතුයි.

විදුලි බලයට තෙල් අවශ්‍යයි. ඊට විදේශ විනිමය යෙදවිය යුතුයි. මේ නිසා පුනර්ජනනීය බලශක්තියට අවධානය යොමු කළ යුතුයි.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා (ජාජබ)

තෙල් සංස්ථාවේ ඉතිහාසයට සමානයි රටේ ආර්ථික අර්බුදය. මේ අනුගමනය කරන ආර්ථික ප‍්‍රතිපත්ති ඉතා විනාශකාරී බව පේනවා. මේවා ආරක්‍ෂා කරන්න පුරවැසියන් ආවේ නැතිනම් රටට වන විනාශය තවත් කියන්න අපහසු වේවි.

තෙල් සංස්ථාවට අතුරු නිෂ්පාදන ආදායම් තිබුණා. මේවා සියල්ල අද නැතිවෙලා. මෙය රටට ඇති කළ විනාශයේ පිළිබිඹුවක්.

ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ප‍්‍රයෝජනයට ගන්න අපිට කිසිම සැලැස්මක් තිබුණේ නැහැ. අද වන විට තෙල් සංස්ථාව ඩොලර් මිලියන 3400ක් ණයයි. බැංකුවලට හා තවත් ආයතනවලට පොලිත් ගෙවනවා. බොරතෙල් නැවක් ආවා ගොඩබාගත නොහැකිව ඩොලර් නැහැ. අවසානයේ මහ බැංකුව ඩොලර් දුන්නේ.

ඩොලර් බිලියන 2.5ක ණයක් ගන්න කැබිනට් පති‍්‍රකාවක් දැම්මා. ඇමරිකානු සමාගමකින් ගන්න. කොමිස් එක සියයට 7 යි. මොන ව්‍යාපෘතියට ද දශලක්‍ෂ 35000ක් කොමිස් ගෙවන්නේ. උදය ගම්මන්පිල පති‍්‍රකාව දැම්මා කැබිනට්ටුව අනුමත කළා. මේ කොමිස් ගොඩක් අයට බෙදී යනවා.

තෙල් ගෙන්වීම පිරිපහදුව, ගබඩා කිරීම එකාධිකාරියක් ලෙස රජය සතුවිය යුතුයි. රනිල් වික‍්‍රමසිංහ අවුරුදු 20කට අයි ඕසී එකට දුන්නා එය 2022 අහෝසි විය යුතුයි. අපේ රටේ පැවැත්මට බලශක්ති ස්ථාවරත්වය අවශ්‍යයි. දැනටමත් මුදල් ඇමැති ඩොලර් මිලියන 500ක ණයක් ගන්න ඉන්දියාව සමග සාකච්ඡුා කරනවා. තෙල් ටැංකි සංකීර්ණය තවදුරටත් දීර්ඝ කිරීමටයි සැරසෙන්නේ. තෙල් ටැංකි ටික දිරා යනවා ප‍්‍රයෝජන ගන්නේ නැහැ.

තෙල් සංස්ථාවේ තෙල් ඒකාධිකාරිය කඩා දැමීමට ඇමැතිවරයා පනතක් ගේන්න යනවා. ආර්ථිකයේ දරුණු ප‍්‍රති විපාක පේනවා.

යුගදනවි බලාගාරය පැවරීම කැබිනට් පති‍්‍රකාව විදුලිබල ඇමැති සිටියදී මුදල් ඇමැති ඉදිරිපත් කරන්නේ. ගෑස් සැපයීමේ ඒකාධිකාරියත් ඇමරිකාවට ලැබෙනවා. ඩොලර් බිලියන 05ක විශාල ව්‍යාපෘතියක්. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ.

අද ඉංජිනේරුවරු වර්ජනයේ. ඔවුන්ව මාරු කරන්න යනවා.

රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ඩබ්ලිව්. ඞී. ජී. සෙනෙවිරත්න (ශී‍්‍රලපොපෙ)

සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටෙව්වේ මම ඇමැතිව සිටි සමයේ. පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට අද විශාල උනන්දුවක් තියෙනවා ලොව හුඟාක් රටවල් එවැනි ප‍්‍රභවයන්වලට යමින් පවතිනවා. ගල් අඟුරු බලාගාර දැන් අඩු කරමින් පවතිනවා. ජල විදුලි බලාගාරත් ඉදිකර අවසන් වෙමින් යනවා. ඒ නිසා විකල්ප ක‍්‍රමවලට යෑම ඉතා හොඳයි. සුළං වගේම හිරු එළියෙන් විදුලිය නිපදවීම විශාල ලෙස ව්‍යාප්ත කළ යුතුයි. ඒ සඳහා ආයෝජනවලට සහන දිය යුතුයි.

ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා (සජබ)

ත‍්‍රස්තවාදය පැවති සමයේවත් මේ තරම් ජීවත් වීමේ ගැටලූ තිබුණේ නැහැ. මේ වන විට මිනිස්සු ගෙවල්වල ඉන්නෙත් බයෙන් ගෑස් සිලින්ඩරය පුපුරාවි යැයි බියෙන්. සියලූ භාණ්ඩ මිල කළුකඩකාරයන්ට තීරණය කරන්න දීලා. පාන් පිටි මිල, පාන් මිල ඉහළ ගිහින්. ආණ්ඩුව ආපු දා සිටම කුස්සියටයි ප‍්‍රහාර එල්ල කරන්නේ. මේ ප‍්‍රශ්න සුළුවට තකන්න එපා. ගෑස් සිලින්ඩරවල ආරක්‍ෂිතතාවය ගැන රටට කරුණු හෙළි කරන්න.

හෙට බොර තෙල් නැවක් රටට එන බව ආරංචියි. දෙසැම්බර් මාසයේ යළි සපුගස්කන්ද අරින්න යනවාලූ. සපුගස්කන්ද වහපු එක ගැන ලොවටම පැහැදිලියි.

කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සුදත් මංජුල මහතා (ශී‍්‍රලපොපෙ)

මේ පාර්ලිමේන්තුවේ අමු අමුවේ බොරු කියනවා. පවතින ගැටලූ හෝ අනාගතයට මුහුණ දීම ගැන වෙනුවට බොරු ප‍්‍රචාර පතුරුවනවා. තාප විදුලි බලාගාරවලට යන්න වූයේ පුනර්ජනනීය බලශක්තිය ප‍්‍රමාණවත් නොවූ නිසයි. නමුත් අපේ ආණ්ඩුව 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තිය බවට පත් කිරීමට සියලූ සැලසුම් හදලා කි‍්‍රයාත්මක වෙනවා.

අපේ රටට අවශ්‍ය ගෑස් නිපදවීමට අවශ්‍ය කැණීම් කරන්න සූදානම් වෙනවා. ඒත් ජනතාවගේ ඔළු විකෘති කර ඉක්මනින් බලයට ඒමටයි විපක්‍ෂය උත්සහ කරන්නේ.

රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී වලේබොඩ මහතා (ශී‍්‍රලපොපෙ)

බලශක්ති ස්වාධිපත්‍ය කොන්දේසි විරහිතව රජය සතු විය යුතුයි. එයින් බැහැර වෙන්න එපා. ඉන් බැහැර වුණොත්

ගැටලූ තවත් උත්සන්න වෙනවා. සමනල වැවට ඩොලර් බිලියන ගණනක මැණික් යට වුණා. දැන් එහි සිදුරු වහන්න ජලය හිස් කරනවා. එහිදී මැණික් ලබා ගන්න අවස්ථාව දෙන්න.

මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර වසන්ත යාපා බණ්ඩාර මහතා (ශී‍්‍රලපොපෙ)

එදා බලශක්තිය අඳුරට ගෙන ගිය සමහරු බලශක්තියේ උරුමකරුවන් බවට පෙන්වෙමින් කතා කරනවා. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි හොඳම උදාහරණය. ඉන්දියාවට එදා විකුණා දැම්මා. අපේ ආණ්ඩුව තෙල් ටැංකි යළි ප‍්‍රයෝජනයට ගන්න උත්සාහ කරද්දී විපක්‍ෂය කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා (සජබ) – එදා ජේ. ආර්. ජයවර්ධන මහතා ජල විදුලිය නිපදවීම මගින් අදටත් විශාල ශක්තියක් ලැබී තිබෙනවා. මම දේශපාලනයට එන්න පෙර විදුලි බලාගාර කිහිපයක ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවකු ලෙස කටයුතු කළා.

තවත් එක ගල් අඟුරු බලාගාරයක් තිබුණා නම් ඉතා ප‍්‍රයෝජනයි. එල්එන්ජීවලට වඩා අඩු මිලකට ගල් අඟුරු බලශක්තිය නිපදවිය හැකියි.

නිව් ෆෝචුන් සමාගමත් සමග ගිවිසුම් ගතව යුගදනවි පැවරීම නිසා අපට බරපතළ ගැටලූවලට මුහුණ දීමට සිදුවෙනවා. ගිවිසුමට අනුව අපි අනිවාර්යයෙන්ම ගෑස් මිලදී ගත යුතුයි. කිසිම රටක එල්. එන්. ජී. සැපයුම එක සමාගමකට දීලා නැහැ. රජය සතු දෙයක්. අපි මේ පැවරීමට විරුද්ධයි.

ගෑස්වල ප‍්‍රමිතිය වෙනස් බවට තහවුරු වී ඇති බවට වාර්තා වෙනවා. ඒ නිසයි ගෙවල්වල ගෑස් ටැංකි පිපිරෙන්නේ. වහාම ඛනිජ තෙල් සංස්ථාව කළ පරීක්‍ෂණ වාර්තාව සභාගත කරන්න. සංයුතිය වෙනස් කළ නිලධාරීන්ව අත්අඩංගුවට

ගන්න. වහාම මේ කරුණ සරළව ගන්න එපා. අද අපේ ආණ්ඩුව යළි ආපස්සට ගෙන යනවා. ගෑස් ඉවත් කර දර ලිපට යන්න වෙනවා.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා

අපේ රටේ තෙල් ටැංකි 99 ම එදා ආණ්ඩු වික්කා. පෙට‍්‍රල් ෂෙඞ් වික්කා. ඒවා කරලා දැන් විපක්‍ෂය බලශක්තිය හදන්න කතා කරනවා. බලශක්තියේ විනාශයට සජබය, එජාපය වගකිව යුතුයි.

විදුලිබල මණ්ඩලය අද බිලියන 325ක් ණයයි. දැනට කරන්නේ ලබන ආදායමෙන් පඩි ගෙවන එක විතරයි. ඒකකයක් නිපදවන්න රුපියල් 25.25ක් යනවා. අපි දෙන්නේ රුපියල් 16ට. රුපියල් 9ක් පාඩුයි. නොරොච්චෝලේ

බලාගාරයෙන් අද ලාභ ලබන තරමට සැපයුම් මිල අඩුයි. එදා නොරොච්චෝලේ හදද්දි දසතින්ම විරෝධය ආවා. මුළු පල්ලියම විරුද්ධ වුණා. නොරොච්චෝලේ තිබුණෙ නැත්නම් අද පාඩුව බිලියන 500 පනිනවා. පහුගිය වසර 05 දී එක ඒකකයක්වත් අලූතින් විදුලිය නිපදවූයේ නැහැ.

එල්එන්ජී බලාගාරයේ සැපයුම ගැන ගැටලූ තියනවා.

බලාගාරය ඉදිකිරීමේදී විවිධ අහිතකර කොන්දේසිවලට අපට එකඟ වෙන්න බැහැ. ගෑස් සමාගමේ ඒකාධිකාරිය එක ආයතනයකට එකඟ වෙන්න බැහැ. විවිධ වැරදි මත සමාජගත කරන්න යනවා. රුපියල් 18ට ඒකකයක් ගන්න පුළුවන් නම්

ගැටලූවක් නැහැ. තෙල් ගවේෂණයේදී ගෑස් ලබා ගන්නා විට ගිවිසුම් අවලංගු විය යුතුයි.

චම්පික රණවක කුණුවලින් විදුලිය නිපදවන්න ව්‍යාපෘතියක් දැම්මා ඒකකය රුපියල් 34යි. කොයිතරම් වැඩිද අද පුනර්ජනනීය බලශක්තියෙන් ඒකකයට රුපියල් 12යි. ඇමරිකානු සමාගමකට දීම ගැන වැරදි අවබෝධයක් තියෙනවා. සුභවාදීව ගිවිසුම වෙනස් කරන්න.

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා

මන්නාරම් මුහුදේ කනිිජ තෙල් සම්පත ගන්න බැරි වුණේ අපට මූල්‍ය හා දැනුම ශක්තිය නැති නිසයි. අපි ඛනිජ තෙල් පනත සංශෝධනය කළා. දැන් කාවේරි ද්‍රෝණියෙත් ගවේෂණය කළා. යාපනය අර්ධද්වීපයේ තෙල් තිබිය හැකි බවට තොරතුරු ද තිබෙනවා. තව මාස 3කින් හරියටම දැනගත හැකියි.

කැණීම් කරන අය ලංකාව සමග හවුල් ව්‍යාපාරයක් ඇතිකර පසුව තමයි ව්‍යාපෘතිය කළ යුත්තේ. 2021 බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ජයග‍්‍රාහී වසරක්. තෙල් සංස්ථාවේ ලාභදායී ආයතන සියල්ලම පෞද්ගලික අංශයට පවරලා. නැව් තෙල් ව්‍යාපාරයට අපි නැවත පැමිණුණා.

අර්බුදය මැද ලංකාවටම ඉන්ධන සැපයුම සහතික කරන්න අපට හැකි වුණා. විපක්‍ෂය හිතුවා ලංකාවේ මුලින්ම තෙල් නැති වෙයි කියලා. විපක්‍ෂය විශ‍්‍රාමික සේවකයකුගේ ලණු කෑවා. මේ බොරු ප‍්‍රචාර නිසා පෝලම් ඇතිවෙනවා. පිරවුම්හල්වල තාවකාලික තෙල් හිඟ ඇති වුණා. නමුත් අපි සතුව ඉන්ධන තිබුණා.

සංස්ථාව ඩොලර් මිලියන 3.6ක් ණයයි. මෙය බැංකුවලට බලපානවා. ඒ පොලියට වඩා අඩු පොලියට ණය ගැනීමට අවස්ථාව තියෙනවා. අපි අඩු පොලියට ණය ගැනීමට හැකියාව තිබියදී අපි ණය ගැනීමට කමිටුවක් දැම්මා. එහි යෝජනා රැුසක් ආවා.

සියයට 7ක් කපා ගන්න තිබුණා. වාර්තාවෙත් තිබුණා. ණය යළි අයකර ගැනීමට රක්‍ෂණයක් තිබුණා. එයින් තවත් පරිපාලන ගාස්තුත් අයවෙනවා. අපට අඩු පොලියක් ලැබෙන්නේ. මේ ණය නම් තවම ලැබුණෙ නැහැ. කොමිෂන් තියලා විපක්‍ෂය කිව්වේ බොරුවක්.

2021 විපක්‍ෂය ලණු කාපු නන්නත්තාර වූ වසරක්.

තෙල් සම්පත ගොඩගෙන ප‍්‍රයෝජනයට ගන්න තිබෙන්නේ කෙටි කාලයයි. මේ ගැන පොදු සාකච්ඡුාවක් කරන්න පක්‍ෂවලින් අවස්ථාව ඉල්ලූවත් ඊට අවස්ථාව තාම ලැබුණෙ නැහැ.

තෙල් හා ගෑස් සම්පත ගොඩදා මේ පුංචි රට ගොඩදාමු.

නියමිත වැය ශීර්ෂයන් සම්මත විය.

පාර්ලිමේන්තුව අද (30 දා) පෙරවරු 9.30ට යළි රැුස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment