අපහාස කිරීමක් ගැන වජිරගෙන් රහස් පොලිසියට පැමිණිලි

235

මහජන දිනයක පැමිණිල්ලකට අදාළව යොදන ලද සටහනක් අළලා

මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට ඉපයූ මුදලින් පෞද්ගලික පරිහරණයට කාන්තාවක ගෙනා රන් භාණ්ඩ කිහිපයක් රේගුව විසින් නිදහස් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම ගැන කඩිනම් පරීක්‍ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.

වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය ලේකම්වරයා මගින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ. අදාළ කාරණය සම්බන්ධයෙන් කඩිනම් විධිමත් පරීක්‍ෂණයක් කොට සත්‍ය කරුණු රටට හෙළිකරන ලෙස ද වජිර අබේවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ මෙවැනි අසත්‍ය පුවත් මවන්නන්ගේ එකම අරමුණ සාමාන්‍යකරණය වෙමින් පවතින රට නැවත අගාධයකට ඇද දමා බොරදියේ මාළු බාන්නට තැත් කිරීම බවයි. විවිධ විදෙස් බලවේගවල ඩොලර්වලින් යැපෙන පිරිස් මෙවැනි ප්‍රචාර සිදුකරන බව ද අබේවර්ධන මහතා පැවසීය.

තමා මගින් ජනාධිපතිතුමාට යොමුකර සහනයක් ලබා ගැනීමට ලිඛිතව යොමු කෙරුණු ආයාචනයක් මත ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ අදාළ රන් භාණ්ඩ තම වියදමින් ගෙනා තැනැත්තියගෙන් දඩ මුදලක් අයකරගෙන සහනයක් ලබා දෙන ලෙස රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැන්වීම පමණකැයි පවසන අබේවර්ධන මහතා එම කරුණ මහජනතාව නොමඟ යවන ලෙස ප්‍රකාශ කරමින් වැරදි ප්‍රකාශයක් සිදුකරලීම ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවය.

මහජන නියෝජිතයකු වන තමා හට බලපෑමක් එල්ල වන ලෙස එහිලා ඇතමකු ගත් පියවර ගැන නිසි විමර්ශනයක් කර නීතිමය පියවර ගන්නැයි ද අබේවර්ධන මහතා එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment