මල්ලී පැදවූ ත‍්‍රිරෝද රිය කොහොඹ ගසේ ගැටී අක්කා මරුට – මවට බරපතලයි

829

නුවරඑළිය ප‍්‍රදේශයේ චාරිකාවක් නිමාකර නිවස කරා පැමිණෙමින් සිටියදී මුන්දලම දේවාල හංදිය ප‍්‍රදේශයේ ත‍්‍රිරෝද රථයක් කොහොඹ ගසක ගැටීමෙන් සිදුවූ අනතුරින් 24 හැවිරිදි තරුණියක් මරණයට පත්ව ඇයගේ මව හා සොහොයුරා තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ දේවාල හංදිය විල්පොත පදිංචි ගුණරත්න අබේසිංහ මුදියන්සේලාගේ අංජලී රුවන්දිමා පියුමන්දී නැමති 24 හැවිරිදි අවිවාහක තරුණියකි.

මියගිය තරුණිය තම එකම සොහොයුරා හා මව සමග ත‍්‍රිරෝද රථයෙන් නුවරඑළිය ප‍්‍රදේශයේ චාරිකාවක් නිමාකර නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව බව පොලිසිය පවසයි.

මෙම අනතුර නිවසට මඳ දුරක් තිබියදී දේවාල හංදිය ප‍්‍රදේශයේදී සිදුව ඇති බව කියයි.

ත‍්‍රීරෝද රථය මරණයට පත් තරුණියගේ සොහොයුරා පදවා ඇති අතර ඔහුට නින්ද යෑමෙන් කොහොඹ ගසක ගැටී ඇති අතර එම අනතුරින් තරුණිය එම ස්ථානයේම මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් ත‍්‍රීරෝද රථය පැදවූ තරුණියගේ සොහොයුරා හා මව තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇත. මරණයට පත් තරුණියගේ පියා විදේශ රටක සේවය කරන බවත් නිවසේ සිට ඇත්තේ මෙම තරුණිය හා ඇගේ සොහොයුරා හා මව පමණක් බවද සඳහන්ය.

මුන්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මුන්දලම පොලිසියේ රථ වාහන ස්ථානාධිපති පොලිස් සැරයන් 5990 කුමාරසිංහ, පොලිස් සැරයන් 19986 සම්පත්, පොලිස් කොස්තාපල්වරුන් වන 72576 මධුවන්තහා 73287 බංඩාර යන නිලධාරින් අනතුර සම්බන්ධව විමර්ශන සිදු කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment