බම්බලපිටියේදී බසය ඉගිල්ලෙයි – 7ක් රෝහලේ

191

බම්බලපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ජුබිලි බුලර්ස් මංසන්ධියේදී ඊයේ (14 දා) අලුයම සිදුවූ බස් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 07 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ මඟී බස් රථයක් සහ තුම්මුල්ල ප්‍රදේශයේ සිට පැමිණි ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

කතරගම බලා ධාවනය වූ බස් රථය මාර්ග සංඥා නොතකා අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. ලොරි රථයේ ගැටුණු බස් රිය පෙරළී ගොස් ඇති අතර ඒ වන විට මගීන් 15 දෙනකු එම බස් රථය තුළ සිට ඇත.

අනතුරින් මාර්ග සංඥා විදුලි පහන්වලට සහ මාර්ග බාධක පුවරු කිහිපයකට ද හානි සිදුවී ඇති අතර බස් රථයේ රියැදුරු බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බම්බලපිටිය පොලිසිය විමර්ශන පවත්වයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment