සියඹලාපේ වගුරුබිමක හිස හා අත්පා නැති නාඳුනන කාන්තා මළ සිරුරක්

658

අංගොඩින් අතුරුදන්වූ කාන්තාවදැයි පොලිස් පරීක්‍ෂණ

සියඹලාපේ – දකුණ ප්‍රදේශයේ වගුරු බිමක තිබී හමුවූ හිස හා අත්පා නැති නාඳුනන නිරුවත් කාන්තා මළ සිරුර සම්බන්ධව සපුගස්කන්ද පොලිසිය මගින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පෙරේදා (28 වැනිදා) පස්වරුවේ සොයා ගත් මේ මළ සිරුර වෙනත් ස්ථානයක ඝාතනය කර ගෙනැවිත් දමන්නට ඇති බවට සැක කෙරේ.

තවද මීට ඊට පෙර දින (27 වැනිදා) උදෑසන අංගොඩ ප්‍රදේශයේ නිවෙසකින් වෙළෙඳ සැලට යන බවට පවසමින් නිවෙසින් පිට වී ගිය කාන්තාවක් අතුරුදහන් වී සිටින බවට මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙන අතර ඒ සම්බන්ධව ද මෙම විමර්ශන කටයුතුවලට පොලිසිය අවධානය යොමු කර තිබේ. මේ අතර මහර වැඩ බලන මහෙස්ත්‍රාත් සමන් විදානපතිරණ මහතා විසින් ඊයේ (29 වැනිදා) දහවල් මළ සිරුර හමුවු ස්ථානය හා එම ප්‍රදේශයේම වසා තිබු නිවසක් ද නිරීක්ෂණය කරන ලදී. මේ පිළිබඳව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔසිත ලංකා ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එන්. ඒ. නිශ්ශංක, සැරයන් පෙරේරා (32560), සැරයන් චමින්ද (478), පුෂ්පකුමාර (55713), ගුණසේකර (67646), ජගත් (50820) හා අමිල (70992) යන නිලධාරීහු සමග කැලණිය කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂණගාරයේ ස්ථානාධිපති ආර්. වී. කහටපිටිය මහතා ඇතුළු පොලිස් නිලධාරීහු වැඩිදුර පරික්ෂණ මෙහෙයවති. එහිදි මහර වැඩ බලන මහෙස්ත්‍රාත් සමන් විදානපතිරණ මහතා විසින් එම නිවෙස නිරීක්ෂණය කළ අයුරු.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment