ශාන්තිකර්මයෙන් පසු තිදරු මව මියයයි – කපුවා සහ බිරිය අත්අඩංගුවට

387

කාන්තාවකගේ අපලයක් දුරු කිරීමට ගල්කිරියාව ප්‍රදේශයේ කට්ටඩියෙකු ලග්ගල දෑස්ගිරිය ප්‍රදේශයේ ඥාතියකුගේ නිවසකට ගෙන්වා ගෙන ශාන්ති ිකර්මයක් කිරීමෙන් පසු රෝගීවූ එම කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (17 දා) රාත්‍රියේ මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කුමාරි ඒකනායක නමැති 48 හැවිරිදි තිදරු මවකි.

මෙම කට්ටඩියා 17 දා අලුයම සිට මියගිය කාන්තාවට ශාන්ති කර්මය සිදුකර වරින් වර ඇයට තැඹිලි ගෙඩි 21 ක් පානය කිරීමට සලස්වා ඇති බවත් අනතුරුව ඇයට කහවතුරද පානය කිරීමට දී ඇති බවත් ලග්ගල පොලිසිය කියයි.

මේ හේතුව නිසා පාචනය වැළඳුණු මෙම කාන්තාව වරින්වර වැසිකිළියට ගොස් ඇති බවද ලග්ගල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධම්මික පත්ම කුමාර මහතා පැවසීය.

මෙම ශාන්ති කර්මයට මියගිය කාන්තාවගේ සැමියා සහ පවුලේ අය ද සහභාගිවී තිබේ.

සැකකාර කට්ටඩියා පතල් සේවකයෙකු වන අතර ඔහුට යම්කිසි බලයක් තිබෙන බව පවසා දඹුල්ලේ සිට මෙසේ ලග්ගල දෑස්ගිරිය ගමේ ඥාති නිවසකට කාන්තාව ගෙන්වා ගෙන මෙම ශාන්තිකර්මය සිදුකර තිබේ.

මෙම කට්ටඩියා සහ ශාන්ති කර්මයට සහාය දුන් ඔහුගේ බිරිඳ ද ලග්ගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment