අවුරුදු රසකැවිලි ගිනි ගණන්

163

කැවුම්, කොකිස්, ආස්මි, පැනිවළලු, අළුවා, කෙසෙල් ඇතුළු අවුරුදු කෑම ඇතුළු තවත් බොහෝ දෑ මේ දින කීපය තුළ ඉතා අධික මිල ගණන් යටතේ වෙළෙඳුන් අලෙවි කරන බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නඟති.

රුපියල් 30 ට 40 ට පැවැති කැවුමක් රුපියල් 60 ත් 80 ත් අතර මිලකටත්, රුපියල් 30 ට තිබූ කොකිස් එකක් රුපියල් 60 ටත්, රුපියල් 100 ට පැවැති ආස්මි ජෝඩුවක් රුපියල් 250 ටත්, රුපියල් 30 ට තිබූ අලුවා කෑල්ලක් රුපියල් 100 ටත්, රුපියල් 100 ත් 120 ත් අතර මිලකට තිබූ සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 300 ටත් රුපියල් 80 ට තිබූ ඇඹුල් කිලෝවක් රුපියල් 320 ටත්, රුපියල් 280 ටය තිබූ කෝලිකුට්ටු කිලෝව රුපියල් 500 ටත් අලෙවි කරන බව ද ඔවූහු කියා සිටිති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment