මිරිහානේ විරෝධතාවේදී ඇප ලැබූ 15කගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි.

139

ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරුණු බව කියමින් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලබා සිටි තරුණයන් 15 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02 වැනිදා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 54 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර එසේ ඇප ලබා සිටි තරුණයන් 54 දෙනා අතුරින් 15 දෙනකු එම දෙපාර්තමේන්තුව වෙත ඊයේ කැඳවා තිබිණි.මෙම තරුණයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යන අවස්ථාවේ නීතිඥවරු පිරිසක් ඔුවන් වෙනුවෙන් නොමිලේ නීති සහාය ලබා දීමට ඉදිරිපත්ව සිටියහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment